ඉස්ලාමය තුල කාන්තා නිදහස ...... ඔබේ ප්‍රශ්න වලට අපෙන් පිළිතුරක්

අසිමීත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ් ගේ නාමයෙන් ආරම්භ කරමි.


සහෝදරවරුනි මේ වන විට අන්තර්ජාලයේ තිබෙන්නාවු සමහරක් අඩවි කිසිම වගකීමක් නොමැතිව ජාතිවාදයේ නාමයෙන් ඉස්ලාම් ආගමට පහර ගසමින් සිටී. ඔවුන්, ඔවුන්ට ඉස්ලාම් ආගම පිළිබඳව පවත්නා ගැටලු වලට අපෙන් විමසීමක් කලහොත් අපට හැකි උපරිමයෙන් අප ඔවුන්ට ඒ පිළිබඳව පැහැදිලි කර දෙන්නෙමු. නමුත් ඔවුන්, ඔවුන්ගේ තනිමතයට  කිසිම වගක් නැතිව ප්‍රකාශ කරනු ලබන දේවල් වලට පිළිතුරු බදින්නට අපට අවශ්‍ය නැත. එයට හේතුව මෝඩයන් සමඟ විවාද වලට යැමේන් වැලකීම යන ප්‍රතිපත්තිය අප අනුගමනය කිරීමයි.


නමුත් මෑතකදී අප සහෝදර බෞද්ධ මිතුරෙකු මාර්ගයෙන් අපට  ඊ මේල් පණිවුඩයක් ලැබුණි. ඒ පිළිබඳව  පැහැදිලි කර දෙන මෙන් අප සහෝදර බෞද්ධ මිතුරා  අපගෙන් ඉල්ලා සිටි බැවින්. එම ඊ මේල් පණිවුඩය පිළිබඳව පැහැදිලි කර දීමේ අරමුණින් මෙම ලිපිය ලියන්නෙමු.


කියවන්නන්ගේ පහසුව පිණිස කතුවරයාගේ අදහස ඉදිරිපත් කර ඉන් පසු අපගේ අදහස ඉදිරිපත් කරන්නෙමු.


කතුවරයා මෙම ලිපිය මූලික වශයෙන් කොටස් දෙකකට  එනම්.


*ස්ත්‍රී ප්‍රජනන චර්ම චෙදනය :කතුවරයාට අනුව කාන්ත සුන්නත්: [ Female Genital Cutting]
හා

*ඉස්ලාමය හා කාන්තා නිදහස පිළිබඳව..... යනුවෙන් කොටස් දෙකකට බෙදා විස්තර දක්වයි.


***********අප දැන් එකින් එක විමසා බලමු*******************


පලවැනි කොටසේදී කතුවරයා පහත සඳහන් ඔහුගේ අදහස හා තවත් සබැඳියක් උපුටා දක්වයි.

................කතුවරයාගේ අදහස

1. මුසල්මානු ගෝත්‍රික විවාහයක් වලංගු වන්නේ තවත් එම ගෝත්‍රික අයෙක් සමඟ පමණි. එනම් කාන්තාව අනිවාර්‍යයෙන් මෙතෙක් සිය සම්පූර්ණ අතීතය වල දැමිය යුතුය, එනම් තමාගේ සිංහල අන්‍යතාවය මරා දැමිය යුතුමය. විවාහ වයසේදී මුස්ලිම් නමකින් නැවත ඉපදිය යුතු වන්නේ නව හැඳුනුම් පතක් පවා සමගිනි. හෙළ නෑ සිය පරපුර සියල්ල සදහටම අහිමි වීම සිදු නොවුනොත් එය පුදුමයකි.

2. කායික වශයෙන් මෙය හිතන තරම් ලේසි කටයුත්තක් නොවේ. මුස්ලිම් ගෝත්‍රය, කාන්තා සුරතාන්තය සහමුලින් ප්‍රතික්ශේප කරන්නේ, ඒ පිළිබඳ ඊර්ෂ්‍යා සහගතවය. එයට ඔවුන්ට අති බිහිසුණු පිළියම් ඇත. හිරි වැට්ටීම් සිහිනයක් පමණි. යෝනි විවරයේ ඉහලින් ඇති වඩාම සංවේදී කොටස වන භග ශිෂ්ණිකාව (Clitoris) අමු අමුවේ කපා ඉවත් කිරීමට මුහුණ දිය යුතු වන්නේ
අනිවාර්‍ය අවශ්‍යතාවක් ලෙසයි. බලන්න එය කරන විවිධ ආකාර.

..............සබැඳියට මෙතැනින් යන්න


ඉහත ප්‍රකාශ දෙක ලෙස විමසිමත්ව බැලීමේදී අපට පෙනී යන්නේ කිසිම වගකීමක් නැතිව කතුවරයා ඔහුගේ මන:කල්පිත අදහස ඉතා පහත් ලෙස ප්‍රකාශ කිරීමක් පමණී. අප එලෙස පැවසීමට හේතුව කතුවරයා මෙහිදී කිසිදු මුලාශ්‍රයක් හෝ  සාක්ෂියක් ඉදිරිමත් නොකරයි.මෙම අදහස ප්‍රාථමික ශ්‍රේණියේ ළමයෙකු ඔහුගේ හිතේ මැවෙන සුරංගනා අදහස් අනුව රචනාවක් ලිවීම වැනිය. එකම වෙනසකට තිබෙන්නේ කතුවරයා ඉතා පහත් ලෙස අන්‍ය ආගමිකයන්ට පහර ගහමින් මෙම මන්:කල්පිත රචනාව ලිවීමයි.


ඉහත සඳහන් සබැදිය ගැන අපගේ අවධානය යොමු කලහොත්... කතුවරයා එහි පින්තූර ටිකක් අමුණා සිටී. එම පින්තූර දෙස බැලීමේදී,


1 වන : පින්තුරයෙදී පිරිමි ළමයෙකු හඬමින් සිටී. වටේ සිටින අය ඔහුට යම් වෛද්‍ය ප්‍රතිකාරයක් කරන බව අපට පෙනේ. මෙම පින්තූරය ඉදිරිපත් කරමින් ඉස්ලාම් දහම කුරිරු යැයි යම් කෙනෙකු තර්ක කරනවානම්. එය "කොහෙද යන්නේ මල්ලේ පොල්" වැනි කතාවකි.


2 වන : පින්තූරයේ අපට පෙනෙන්නේ හඬමින් සිටින අප්‍රිකානු කුඩා දරුවෙකු හා බ්ලේඩ් තයක් අතේ සිටින පුද්ගයෙක්. මෙහි සිටින එම කුඩා දරුවා හෝ බ්ලේඩ් තලය අතින් ගෙන සිටින පුද්ගලයා මුස්ලිම් ජාතිකයින් බව කොතැනකවත් සටහන් නොවේ. අප්‍රිකානු රටවල ඔවුන්ගේ නොදියුණු සංස්කෘතිය නිසා මෙවැනි අමානුශික ක්‍රියා සිදුවෙමින් පවතී. එයට හේතුව ඉස්ලාම් යැයි කතුවරයා අදහස් කරනවානම් එය කිසිම පදනමක් නැති හුදෙක් වෛරිසහගතව ප්‍රකාශ කරනු ලබන බොල් අදහසකි.


3 වන : පින්තූරයේදී මුස්ලිම් ජාතික කාන්තාවක් ළඟ සිටින කුඩා ගැහැනු ළමයෙකු හඬමින් සිටී. කුඩා ළමුන් ඕනෑම සුළු දෙයකටත් අඬයි. එය කුඩා ළමුන්ගේ ස්වභාවයයි. මෙම කුඩා ළමයා අඬන්නේ ඉස්ලාම් දහම නිසා යැයි කතුවරයා අදහස් කරයි නම් ඔහුගේ බංකොලොත්බව මෙයින් පෙන්නුම් කෙරේ.


4 වන : පින්තූරය ස්ත්‍රී ප්‍රජනන චර්ම ඡෙදනයට [ Female Genital Cutting] විරුද්ධ පෝස්තරයකි. එහි කිසිම තැනකදීවත් ඉස්ලාම් දහම ගැන සඳහන් වී නොමැත.


5 වන : පින්තූරයෙදී තරුණ කාන්තාවක් අඬමින් සිටී. පෙනන පරිදී වෛද්‍ය වරයෙකු ප්‍රතිකාර කරමින් සිටී. මෙම පින්තූරයෙත් ඉස්ලාම් දහමට සම්බන්ධයක් නොමැත.


6 වන පින්තූරයෙදී පෙනන පරිදි රෝහලක සිටින කුඩා දරුවෙකු අඬමින් සිටී. දරුවා වටේ ඔහුගේ\ඇයගේ දෙමව්පියන් සිටී. මුස්ලිම් ජාතික දරුවෙකු රෝගාතුර වීමට නොහැකිද? රෝගාතුර වූයේනම් එයටත් හේතුව ඉස්ලාම් ද?


ඒ අනුව ඉහත පින්තූර සියල්ල අධ්‍යනය කිරීමෙන් අපට හැඟී යන්නෙ මෙම කිසිම පින්තූරකවත් ඉස්ලාම් දහම පිළිබඳව හෝ ඉස්ලාම් දහම කුරිරු ලෙස පෙන්වන පින්තූර නොවේ. හුදෙක්ම කතුවරයාට අවශ්‍ය වී  තිබෙන්නේ කියවන්නන්ට ඉස්ලාම් දහම පිළිබඳව  වැරදි ආකල්ප ඇති කිරීමයි.


ඉන්පසු එම සබැඳියේ කතුවරයාගේ අදහස් වෙත යොමු වුවහොත් එහිදී  කිසිම තැනකදීවත් කතුවරයා සදහන් කල පරිදි  ඉස්ලාම් දහම ස්ත්‍රී ප්‍රජනන චර්ම ඡෙදනය  කළයුතු යැයි ඉස්ලාම් දහම නියෝග  කරන බවට සාක්ෂි ඉදිරිමත් කර නොමැත. හුදෙක්ම කතුවරයා ඔහුගේ මන:කල්පිත ඉතා පහත් අදහස පමණක් ඉදිරිපත් කරයි. අන්තර්ජාතික වශයෙන් පවත්වාගෙන යනු ලබන ලෝ ප්‍රකට අන්තර්ජාල විශ්වකෝශයක් වන wikipedia.org හි කාන්තා ප්‍රජනන චර්ම ඡෙදනය [Female Genital Cutting] යන මාතෘකාව යටතේ ආගමික ආකල්ප [Relegious  Views on Female Genital Cutting] යන උප කොටසේ ඉස්ලම් දහමේ යටතේ මෙසේ දක්වයි

In Islamic texts, FGC is referred to as khafḍ (Arabicخفض‎)[18] or khifaḍ[19] (Arabicخِفَض‎). According to McAuliffe, female genital cutting is not commanded by the Qur'an, "






ඒ අනුව අවසාන  වශයෙන් පවසන්නට තිබෙන්නේ වෙනත් ආගම් තුළ  ස්ත්‍රී ප්‍රජනන චර්ම  ඡෙදනය : කතුවරයා සදහන් කල පරිදි  [Female Genital Cutting] පැවතියද  ඉස්ලාම දහම අනුව එය අනුමත කල ක්‍රියාවක් නොවේ.  






පුරුෂ චර්ම ඡෙදනය [Circumcision]  පිළිබඳව කෙටියෙන් හැඳින්වීමක් කළහොත්. මෙම ක්‍රියාව ඉස්ලාමය විසින් අනිවාර්ය කල ක්‍රියාවක් නොවේ. එලෙසම පුරුෂ චර්ම ඡෙදනය [Circumcision] කිරීමෙන් අපෙ සෞඛයට යහපතක් සිදුවන බව එදා ඉස්ලාමය පැවසු දේ. අද වෛද්‍ය වරුන් විසින් පවසනු ලබයි. wikipedia.org අඩවියේ AIDS යන මාතෘකාව යටතේ වැළැක්වීම[Prevention] යන උප කොටස යටතේ මෙසේ සඳහන් කරනු ලබයි.  





"Randomized controlled trials have shown that male circumcision lowers the risk of HIV infection among heterosexual men by up to 60%."




එනම් පුරුෂ චර්ම ඡෙදනය [Circumcision]  කිරීමෙන් රෝගය වළක්වා ගැනීමේ හැකියාව වැඩි වන බවයි.




පුරුෂ චර්ම ඡෙදනය නිසා  ලිංගික ආශ්වාදය අවම වේ යැයි කෙනෙක් තර්ක කරනවානම් එය කිසිම පදනමක් නැති හුදෙක්ම අසත්‍ය  ප්‍රකාශයකි. වර්තමානයේ අන්‍ය ආගමිකයින් බෝහෝ ප්‍රමාණයක් පුරුෂ චර්ම ඡෙදනය කරගනී.පුරුෂ චර්ම ඡෙදනය  සෞඛයට යහපත් බව මෙයින්ම පෙනි යයි. 


************************************************************************



අප දැන් දෙවැනි කාරණය  පිළිබඳව අපගේ අවධානය යොමු කරමු.

......................කතුවරයාගේ අදහස

3. සිහි සුන් වන තරම් වේදනාකාරී මෙම ආගමික සුන්නත් කිරීමට ඔබව මෙල්ල කරන හැඩි දැඩි මුස්ලිම් පිරිමි රාශියට ඔබගේ රහසඟ තව දුරටත් රහසක් නොවේ. රෙද්දකින් මුහුණ වසාගෙන මිසක් ඉන්පසු ජීවත් විය හැකිද?

4. බැන්දාට මොකද කිසි දිනක උපරිම තෘප්තියක් කාන්තාවට අහිමිය. විවාහ වූ ගෝත්‍රිකයා අ
දෙන ඕනෑම මොහොතක කීකරු විය යුතුය, නැතිනම් පහර දීමට ශුද්ධ වූ කුරාණයේ නියමයයි. මොහොමඩ් ගේ සොයාගැනීම් ය.

 ඉහත සඳහන් කතුවරයාගේ අදහස අනුව බිරිඳ සැමියාට කීකරු විය යුතුයි. එලෙසම සැමියාද බිරිඳට කීකරු විය යුතුයි. ඉස්ලාමය පවසා තිබෙන්නේ එයයි.කාන්තාවන්ට පහරදීමක් ගැන කතුවරයා සඳහන් කරනවා.අප ඔහුට අභියෝග කරනවා එම ප්‍රකාශය උපුටා ගත් මුලාශ්‍රය දක්වන ලෙස.එමෙන්ම මෑතකදී අප රටේ ජනප්‍රිය නිළියකට ඇයගේ සැමියා විසින් පහර දුන්නා. ඔහු කුමන ආගමක් අදහන පුදගයෙක්ද කියල අහන්න කැමති කතුවරයාගෙන්.


......................කතුවරයාගේ අදහස

5. ඉන්පසු සිය හොඳින් පෙනෙන ඇස් පවා ඝන රෙද්දෙන් වැසෙන සේ හිජාබය ඇඳ, රෙද්දේ නූල් විවීම අතරින් ලෝකය බැලීමට පුරුදු විය යුතුය. මදක් සිතා බලන්න, පෙර කල කුසළ බලයෙන් ඔබ අඳ නොවී ඉපදුනත්, දිට්ඨධම්ම වේදනීය විපාක වශයෙන් ඔබගේ පෙනීම දුර්වල වූවායයි එවිට ඔබ අවබෝධ කර ගත යුතු වන්නේය. ලොවේ සාමාන්‍ය ජනයා, යන්තම් සුද මතුවූ විට ඇස් වහාම ශල්‍ය කර්ම මගින් නිවැරදි කර ගනිද්දී, ඔබ, ඇස මතුපිට කළු පටලයක් මැරෙන තුරු පැළඳිය යුතු වන්නේය.




මුහුණ වැසෙන පරිදි හිජාබය ඇදීම ඒ ඒ පුද්ගයන්ගේ කැමැත්තක් මිසක් කිසිවිටකත් ඉස්ලාමය මුහුණ වැසෙන ලෙස හිජාබ් අඳින ලෙස නියෝග කර නැත.මුහුන නොවැසන පරිදි හිජාබය  ඇදීමත් ඉස්ලාමය නිර්දේෂ කර තිබෙනවා මිසක් අනිවාර්‍ය කර නැත. ඉස්ලාමය කාන්තාවන්ත මෙන්ම පිරිමින්ටද  පවසන්නේ ශිෂ්ඨ සම්පන්න ලෙස ඇඳුම් අඳින ලෙසයි.




......................කතුවරයාගේ අදහස

6. විවාහක ගෝත්‍රිකයාට ඔබ සැමදා නැවුම් නොවේ, වරින් වර ඔහුට 4 ක් දක්වා තව මනුෂ්‍ය ප්‍රේතියන් ලබා ගත හැක. එයට ඔබගේ අනුමැතිය අවශ්‍ය නොවේ. ඔහු ඔබ නිදනා වහලය යටම, තව කාන්තාවක් සමඟ රමණයේ යෙදෙද්දී එය නොහඬා ඉවසිය යුතුය. අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගැනීම නුවනට හුරු නොවේ.


පුරුෂයෙකු විවාහ හතරක් අනිවාර්‍යයෙන් කළයුතු යැයි ඉස්ලාමය පවසා නැත. එමෙන්ම එය ඉතා සංකීර්ණ නිතී මාලාවකින් යුක්තයි.ඒ නිසා ඒ පිළිබඳව හොඳට අවබෝධ කරගෙන තමන්ගේ අදහස ප්‍රකාශ කරන ලෙස කතුවරයාගෙන් ඉල්ලා සිටිමු.එමෙන්ම කතුවරයා මෙහිදී ඔහුගේ මන:කලිපිතයන් ඉතා ඉහලින්ම යොදා ගෙන ඇත.



......................කතුවරයාගේ අදහස


7. ඔබ කිසිම ආකාරයකින් විවාහක ගෝත්‍රිකයා ප්‍රකෝප වන සේ කථා නොකල යුතුය. ඔහු "තලාක්" යයි තුන් වරක් හඬ නැගීමෙන් ඔබ දික්කසාද වන්නේ ඔබ උඩ බිම බැලීමටත් පෙරය. විවාහයත් සමඟ සියල්ල අහිමි වූ ඔබට කිසිදු හව් හරනක් නැත.

8. ඔබව යම් කල හෝ නොකල වරදකට ෂාරියා නීතිය යටතේ සම්පූර්ණ වැරදි කාරිය කිරීමට
ගෝත්‍රික
ඔහුට අවශ්‍ය වන්නේ ශාක්ෂි 4 ක් පමණි. ඔබගේ ඉරණම එයින්ම විසඳෙයි, බලන්


9. හදිස්සියේ හෝ එසේ විවාහක ගෝත්‍රිකයාට එම ශාක්ෂි 4 සොයා ගැනීමට නොහැකි වූවා යයි සිතන්න. එවිට ඔබ ආරක්ෂිතයි කියා ඔබ සිතනවාද?. එසේ නම් පහත කුරාණ පාඨයත් කියවා නුවන වඩා ගන්න.





මෙහිදී කතුවරයාගේ අදහස ඔහු ඉදිරිපත් කල කුර්ආන් වැකියෙන්ම වැරදි බවට ඔප්පු කරයි.නමුත් පරාජය බාරගැනීමට අකැමති කතුවරයා පහත ප්‍රකශය සිදුකරයි.



......................කතුවරයාගේ අදහස

10. 24/8 හා 24/9  අනුව කාන්තාවටත් අවස්ථාවක් ඇතැයි ඔබට පෙනෙනු ඇත. ඔව්, පොතට පමණි. ඔබ මුස්ලිම් ගෝත්‍රයටම පිටින් ආ දෙවන පන්තියේ පුරවැසියෙක් පමණි. එවිට ඔබ පස් වාරයක් දිව්රීම ඔවුන් සියල්ල එකතු වී පහසුවෙන් වලකයි. එවිට ඔබ මිය යා යුත්තේ බෙල්ල තෙක් වලලා හිස පොඩි වන තෙක්  ඔබගේ විවාහක ගෝත්‍රිකයා හා ගෝත්‍රික නඩයේ සියල්ල  එකතු වී දෙන ම්ලේච්ඡ ගල්  ප්‍රහාරයෙනි.




මෙම සමස්ත ලිපියේ කිසි තැනකදීවත් ඉස්ලාමයේ යම් වැරද්දක් තිබෙන බවට ඔප්පු කිරීමට කතුවරයා අසමත් වී තිබේ.ලිපිය පුරාම ඔහු කර තිබෙන්නේ කුඩා ලමයෙකු මෙන් ඔහුගේ මන:කල්පිත සුරංගනා අදහස් හා බොල් තර්ක  යොදාගෙන  ඉස්ලාම් දහම පිළිබඳව වැරදි මතයක් අන්‍ය ආගමිකයින් තුළ ඇතිකිරීම සඳහා රචනාවක් ලිවීමයි.


මිනිසෙකු යහපත් මාර්ගයේ යායුතු නම් ඔහුට  ඔහුගේ  මරණය දක්වා නිවැරදි මඟපෙන්වීමක් ලැබිය යුතුයි. ඉස්ලාම් දහමෙන් සිදුවන්නේ එම නිවැරදි මඟපෙන්වීම ලබාදීමයි.ඉස්ලාමය මතුපිටි සිට බලනවාට වඩා ඇතුලට පැමිණ බලන්න. ඉස්ලාම් දහම පිළිබඳව තිබෙන ඔබගේ වැරදි ආකල්ප ක්ෂණිකයෙන් නැති වී යනු නොඅනුමානයි. සමහරක් මුස්ලිම් වරුන් විසින් කරනු ලබන වැරදි වලට මුළු දහමටම දොස් පැවරීම සාධාරණ නැත. අන්‍ය ආගම් වලද වැරදි කරන මිනිසුන් සිටී.


ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශනා වලට අනුව  හොඳ බෞද්ධයෙක් අන්‍ය ආගමික ශාස්තෘවරුන්ට හා අන්‍ය ආගමිකයන්ට ගෞරව කලයුතුයි. නමුත් කතුවරයාගේ මෙම ලිපිය කියවීමේදී ඔහු හොඳ බෞද්ධයෙක් ද යන්න අප තුල සැකයක් මතුවෙයි.



හිත මිත සහෝදර කතුවරයාණෙනි, අප ගෝත්‍රිකයන් නොවේ අපද ඔබලා වගේ ශිෂ්ඨ සම්පන්න සමාජයක් වෙමු.අප ඔබටත් ඔබේ ධර්මයටත් ගරු කරන්නෙමු. එලෙස අපටත් ගරු කරන ලෙස ඉල්ලා සිටිමු.


සියලු ප්‍රශංසා අල්ලාහ්ටය!!!
For more visit ඉස්ලාම් පවසන චර්ම ඡේදනය හා සමාජ සම්ප්‍රදාය තුල කාන්තාව
References:
1.සහෝදර එකමුතුව

0 ප්‍රතිචාර: