අන්තර්ජාතික නාස්තික වාදීන් සමග මුස්ලිම් අයගේ විවාදය

පහුගිය දවසක වැදගත් දෙයක් සිදුවිය .එනම් බ්‍රිතාන්‍යයේ ප්‍රසිද්ද සංවිදානයක්  වන IERA සිත්ගන්න සුළු නිවේදනයක් ඔවුන්ගේ වෙබ් අඩවියේ ප්‍රසිද්ද කළේය, එනම් ඔවුන් නාස්තික වාදීන්ගේ සම්මන්ත්‍රණයට  සහභාගී වෙන බවත් එම ශාලාවට ඉදිරියෙන් කුඩා කුටියක්‌(stall) සාදා එහි සිට ඔවුන් ප්‍රසිද්ද නාස්තික වාදීන් සමග කරන ලද විවාදයන් අඩංගු වීඩියෝ පට බෙදා හරින බවත් ,දේව විශ්වාසය කිරී‍මේ හේතුව සදහන් විශේෂයෙන් සකස් කර ඇති පත්‍රිකා(සබැදිය )   බෙදා හරින බවත් ය .තව දුරටත්  ඔවුන් ඩෝකින්ස් ,මයෙර්ස් සමග සාකච්ච කිරීමට උත්සහ කරන බවත් ඔවුන් පැවසිය.

මෙම නිවේදනය ඩෝකින්ස් ප්‍රමුක නස්තිකයන්ගේ වෙබ් අඩවි වල උණුසුම් ස්වරුපයක්  ඇතිවිය.

මෙම ප්රව්තිය  ගැන ඔබල පුදුමයට පත්  විය හැක .නමුත් IERA  ට මෙය ඔවුන්ගේ මෙම මාසයේ සදහා සැලසුමෙ කොටසක් විය .
විවාදයන් සදහා වෙනම ශාකාවක් ඔවුන් ට තියෙන අතර එමගින් ලෝක ප්‍රසිද්ද නාස්තික වාදීන්  සමග විවාද පවත්වා ප්‍රසිද්දියක් උසුලයි.
ප්‍රදාන වශයෙන් පහුගිය අවුරුද්දේ ඇමරිකානු නාස්තික වාදීන්ගේ සංගමයේ සභාපතිවූ  Dr.Ed.Buckner සමග පැවැත් වූ විවාදය ප්‍රදාන තැනක ගනී .(සබැදිය )

නාස්තික වාදීන් සමග විවාදයන් මොවුන්ට උද්වේගයක් ඇතිවෙන බවත් එයම මෙම නිවේදනය තුලින්  පිලිබිබු වෙන බවත්ය.

මෙම සම්මන්ත්‍රණයට හම්සා  සහ රෂිඩ්  යන අය තෝරා සහභාගිකරවිය  .






ඔවුන් තමාගේ විශ්වාශයන්  පිලිබිබු වන පත්‍රිකා  ,වීඩියෝ පට බෙදා හැරියේය .සම්මන්ත්‍රණයට සහබාගි වූ අය සමග නාස්තික වාදය  සහා ඉස්ලාමය ගැන සකච්චාද පැවැත්විය .

ඔවුන් කුමක් සදහා එහි ගියෙහිද  එම අවස්ථාව දෙවියන් වහන්සේ විසින් ඇති කළේය .

එනම් ප්‍රසිද්ද නාස්තික වාදීන් වන මයෙර්ස් ,ඩෝකින්ස් සමග සාකච්ච කිරීමේ අවස්ථාවයි .මෙහිදී ඩෝකින්ස් සමග ස්වල්ප වෙලාවක් සාකච්චා කලත්  මයෙර්ස් සමග විනාඩි 25 පමණ කාලයක් සාකච්ච කිරීමට අවස්ථාව ඇතිවිය

එම සාකච්චාවේ සාරාංශයෙන් බිදක්

සාමාන්යෙන් පොදු දෙයක් ගැන පවසා එහි තමාගේ අදහස දක්වා අල් කුර්ආනයෙ සදහන් දේවල් මිනිසුන්ගේ දැනුමට වැඩ උසස් බවත් සදහන් කලෙය  .

නමුත් මෙය මයෙර්ස් පිලි නොගත්තේය .


තව දුරටත් හම්සා කදු පිළිබද අල් කුර්ආනයේ  සදහන් දේ පිළිබද විද්‍යාඥයින්ගේ අදහස් සමග ඉදිරි පත් කලෙය.

නමුත් මයෙර්ස් ඒ ගැන කිසිවක් සදහන් නොකර embroyology ගැන කතා කිරීමට පටන් ගත්තේය

මෙම අවස්ථාවේ රෂිඩ් ත්  සාකච්චාවට එකතු වුන අතර මුස්ලිම් අය විසින් අල් කුර්ආනයෙ ඇති කළල විකසනය(සබැදිය ) සම්බන්දව මහාචාර්ය කිත් මුර් ගේ අදහස් සමග ඉදිරි පත්  කල අතර .එය ප්‍රතික්ෂේප කල මයෙර්ස් එම කිත් ගේ අදහස කිසියම් වැකියක් මගින් මයෙර්ස් විවේචනය කල අතර එය වීඩියෝ ඒකෙන බීප්  හඩක්  වශයෙන් එඩිට් කර ඇත .

අල් කුර්ආනයෙ ඇති කළල විකසනය ගැන සාමාන්‍යයෙන්  අනුමාන කල හැකි බවත් ,ඒවා මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම් තුමා අරිස්ටෝට්ලේ ගේ න් කොපි කල බවත් යනුවෙන් චෝදනා කළේය .

එවිට හම්සා  "කළල විකසනය ගැන වැරදි දේ පවා ඇරිස්ටෝටල් පැවසූ බවත්  කොපි කලේ නම් සියල්ලම කොපි කල යුතුව තිබුන බවත්  නමුත්  මුහම්මද් තුමා නිවැරදි දේ පමණක් තෝරා ඉදිරිපත් කලේ කෙසේද" යයි ඇසු වේය

මයර්ස් පිලි නොගත්තේය .කළල විකසනය ගැන කුරානයේ ඇති දේ අනුමාන වශයෙන් කල දෙයක් යන මතය මතම එල්බ ගැන සිතියේය .මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම් තුමා ඒ කාලයේ සිටි බුද්දිමත් අය සමග සාකච්ච කර සදහන් කර ඇතිබව පැවසීමත් සමග හම්ස විසින් එය සනාථ කිරීමට සාක්ෂි  තියෙනවද යයි ඇසිය.

මයෙර්ස් ටික වෙලාවකින් පසුව "මෙය අනුමාන කල හැකි  සාදාරන හේතුවක්" බව ප්‍රකාශ කර කතාව වෙන දිශාවකට හැරවිය


තව සිත්ගන්න සුළු දෙයක් සිදු විය

"මෙවෙනි අදහස් තමයි දේව විශ්වාශිකයින්  දිගින් දිගටම පවසන්නේ" යයි මයෙර්ස් පැවසිය.
ඒ විට හම්සා "Professor myers නාස්තික වාදීන් පවා මෙවෙනි දේ දිගින් දිගටම පවසනවා යයි මම කිව්වොත් ඔබට කොහොම තියේද .මෙහෙම තමයි නාස්තික වාදීන් දිගින් දිගටම පවසන්නේ යයි මමත් කියන්නද ? "යනුවෙන් පැවසිය .ස්වල්ප වේලකින් මද සිනහවකින් මයෙර්ස් go ahead යයි පැවසිය .


සුළු මොහොතකින් අරෝන්රා(Aronra) නම් නාස්තික වාදියෙක්  මයෙර්ස් සමග එක් විය

ඔහු පැවසුවා "ඔබලාගේ කුරානය පරිණාම වාදය පිළිගන්නේ නැහැනේ ?"

එවිට රෂිඩ් "පරිණාමවාදය ගැන කුරානය කතා නොකරයි "

තවදුරතට් අරෝන්ය "ඔබගේ කුරානය මහා ජාල ගැලුමක් ගැන කතා කරයි "(කිතුනුවන් පවසන නොහා ගේ ජාල ගැල්ම අ විදියට කුරානයේ පවසා ඇති බව ඔහු සිතන්නට ඇති .නමුත් බයිබලයේ සදහන් ආකාරයට කුරානයේ ඒ ගැන  සදහන් නොවේ )

එකට රෂිඩ් "මෙයත් කුරානයේ නැහැ " යැයි පැවසිය

නැවතත් මුස්ලිම් අය විසින් කදු පිළිබද ඉදිරි පත කල අතර(සබැදිය ).පැරණි පොතක් මෙවැනි නිවැරදි තොරතුරු කෙසේ ඉදිරිපත් කලේ යයි ඇසිය .එවිට අරෝන්ර "මෙවැනි දේ කුරානයේ ස්වල්පයක් පමනක් ඇති බවත් තව බොහෝ තොරතුරු කදු ගැන ඇති බවත්" යයි පැවසිය . කුරානයේ සදහන් කදු පිළිබද දේ ඔවුන් ප්‍රතික්ෂේප නොකළේය

පසුව කතා කලේ සංවේදනාත්මක වාදයන්ය

දෙවියන්ව ප්‍රතික්ෂේප කිරීමට මොවුන් පවා විද්‍යාත්මක සාදකයන් ඉදිරිපත් නොකර සංවේදනිය සාදක පමණක් ඉදිරි පත්  කරයි..... ම්ම්ම්

සංවේදී සාදක මගින් දෙවියන් ප්‍රතික්ෂේප කිරීමේදී පහත සදහන් කුරාන් වැකිය මතකයට එයි

(නබියේ )ඔබගේ හිමි මලයිකාවරුන්ට "ඇත්තෙන්ම අප භුමියෙහි (අපගේ )නියෝජිතයෙකු (වශයෙන් ආදම් )පත කරන්නේමු"යි  පැවසූ අවස්ථාවේදී (එයට) ඔවුන් "(භුමියෙහි )නපුරුකම් කර ලේ වගුරුවන්නන්ගෙන් යුත් (සංහතියක් බිහි කරන )ඔහුවද එහි (ඔබගේ නියෝජිතයා වශයෙන් පත කරන්නේ ?අපිද ඔබට ගෞරව කරමින් ඔබගේ ප්‍රසංසාවෙන් ඔබවම සුවිශුද්ද කරමු "යි (මලයිකවරුන් )කීවෝය .(එයට ඔවුන්ගේ හිමි )"ඇත්තෙන්ම ඔබ නොදන්නා සියල්ල මා හොදීන් දන්නේමි"යි කිවේය  (අල් කුර්ආන් 2 :30 )

අවසාන  වශයෙන් මයෙර්ස් ගෙන් "ඔබගේ ගමන වියදම් ඇතුළු සියලු වියදම් අපි විසින් බාරගෙන මෙවැනි සම්පුර්ණ සාකච්චාවක් සදහා ඔබව ඇරයුම් කලොත් ඔබ සහබාගි වෙනවද " යයි ඇසිය .එවිට මයෙර්ස් "බලමු " යයි පැවසිය

එම අවස්ථාවේදී තමාගේ magic sandwich show එකට මුස්ලිම් අයව ඇරයුම් කරන බව අරෝන්රා පැවසිය
එවිට එහිදී "අපට සැන්ඩ්විච් ලැබෙයිද ,ඒවා හලාල් ඒවා නේද" යයි හම්ස පැවසු විට සියල්ලම සිනහවකින් සමුගත්තේය .


පසුව ඩෝකින්ස් සමග හම්සා සාකච්ච කළේය

එම සාකච්චාව සහා ඉහත ඉදිරිපත් කල සාකච්චාව බැලීමට පහත වීඩියෝ එක නරබන්න

 


මෙම  වීඩියෝ එක ගැන ඩෝකින්ස් සහා මයෙර්ස් ඔවුන්ගේ වෙබ් අඩවිය තුල අර්ථ කථනය කරා .එමගින් ඔවුන්ගේ ඉස්ලාම් ගැන  නොදැනුවත් කම හොදින් පෙනේ

මෙම නොදැනුවත් කම හෙළි කිරීම සදහා අයි මගින් විධියෝවක් පහුගිය දින කීපයකට පෙර ඉදිරිපත් කළා එය පහත දැක්වේ
මෙම සම්මන්ත්‍රණයේ සහබාගි වී අපහසු තාවයට පත් වූවත්  (තමා  කවුදැයි ඩෝකින්ස් පෙන්වීමට නුසුදුසු වචන වලින් පවා හම්ස සමග කතා කර ඇත )ඒ සියල්ලම  දෙවියන්ගේ ආශීර්වාදය පමණක් බලාපොරොත්තුවෙන් ඉවසා දරා සිටි මොවුන්ට මෙලොවේ සහා පරලොවේ අල්ලාහ් ගේ පිහිට ලැබේවා ! ආමීන්

අවසාන වශයෙන්

මෙම සම්මන්ත්‍රණය ගැන රෂිඩ් ,
"මෙම සම්මන්ත්‍රණය අවසානයේ මගේ දේව විශ්වාශය තවත් වැඩිවිය "


දෙවියනේ අපිව යහමග යවත්වා .....!ආමීන්

Allah knows best

My sincere thanks to:
1. Ashik ahamad


IERA's Official Website:
1. http://www.iera.org.uk. link

Brother Hamza's official website and blog:
1. http://www.hamzatzortzis.com. link
2. hamzatzortzis.blogspot.com. link

Br.Hamza's debate with Ed Bucker:
1. Islam or Atheism? You decide - youtube. link

References:
1. IERA DAWAH TEAM RESPONDS TO INTERNATIONAL ATHEISM - IERA website. link
2. IERA engages with PZ Myers, AronRa & Richard Dawkins at the World Atheist Convention - Youtube. link

3. Adnan Rashid Responds to Richard Dawkins, AronRa & PZ Myers - Youtube. link 
4. Islamic bore talks over PZ Myers - Richard Dawkins Website. link
5. The full Muslim monty - PZ Myers blog. link 

4 ප්‍රතිචාර:

සහෝදර එකමුතුව said...

වැදගත් හොඳ ලිපියක්.... මේ වගේ තව තවත් ලිපි ලිවීමට අල්ලාහ් තාආලාගේ ආශිර්වාදය ඔබට ලැබේවා

ඔබට ඉස්ලාම් said...

@සහෝදර එකමුතුව
ඔබේ පැමිණීමටත් අදහසටත් ස්තුතියි ,ඔබටත් ල්ලාහ් තාආලාගේ ආශීර්වාදය ලැබේවා

Anonymous said...

මාෂා අල්ලාහ් ...! පැහැදිලිවම සදහන් කරලා තියෙනවා. දිගටම කරගෙන යන්න ධෛර්යය ලැබේවා.

ඔබට ඉස්ලාම් said...

@යර්සාඩ්
ඔබේ පැමිණීමටත් අදහසටත් ස්තුතියි ,ඔබටත් අල්ලාහ් තාආලාගේ ආශීර්වාදය ලැබේවා