ඉස්ලාමයෙහි සත්‍යතාවය සඳහා සාදක කිහිපයක් V

 මස්තිෂ්කය පිළිබඳව අල් කුර්ආනයෙන්
මුහම්මද් සල්ලල්ලාහු අලයිහි වසල්ලම්   තුමාට ශුද්ධ වූ ක:බා දේවස්ථානයෙහි දෙවියන් නැමදීම තහනම් කරන ලද, දේව විශ්වාසයෙන් තොරවූ එක්තරා දුෂ්ඨ පුද්ගලයෙකු පිළිබඳව දෙවියන්වහන්සේ ශුද්ධ වූ අල් කුර්ආනයෙහි පහත ආකාරයට සඳහන් කොට ඇත.
නැත! ඔහු නොවළකියි නම් අපි ඔහුව නාසියහ් ( හිසේ ඉදිරිපස කොටසෙ) වෙන්
ඇදගෙන යන්නෙමු. මුසාබස් කියන, පාපකාරී නාසියහ්වකි ( හිසේ ඉදිරිපස කොටස) (අල් කුර්ආනය 96:15-16
අල් කුර්ආනයෙහි, හිසේ ඉදිරිපස කොටස මුසාබස් කියන, පාපකාරී දෙයක් ලෙස හඳුන්වා දී ඇත්තේ ඇයි ? කුර්ආනය මඟින් එම පුද්ගලයා බොරු කියන්නෙකු හෝ පව් කාරයෙකු බව නොපවසන්නේ ඇයි ? මුසාබස් පැවසීම හා පාපකාරී බව හිසෙහි ඉදිරිපස කොටස සමඟ දක්වන සම්බන්ධතාවය කුමක්ද?

මිනිස් හිස් කබළ තුළ පවතින හිසේ ඉදිරිපස කොටස දෙසට අපගේ අවධානය යොමු කළහොත් අපහට පූරෝලලාට පෙදෙස(Prefrontal Area) දැකගත හැක. (1 රූප සටහන බලන්න) මෙම පෙදෙසෙහි කාර්්‍යය පිළිබඳව කායික විද්‍යාවෙහි  පවසන්නේ කුමක්ද ?Essential of Anatomy & Physiology  නම් ග‍්‍රන්ථයෙහි මෙම පූරෝලලාට පෙදෙස පිළිබඳව පවසා ඇත්තේ මෙසේය. ”චලනයක් ඇති වීම තීරණය කිරීම සහ ආරම්භ කිරීම සඳහා පෙළඹවීම් ඇති කරනුයේත් දුරදර්ශීභාවය ඇති කරනුයේත් ලලාට ඛණ්ඩිකාවෙහි පූර්ව කොටස වන පූරෝලලාට පෙදෙසෙහිය. මෙය සංගාමී බාහිකයෙහි කොටසකි.”2 එසේම මෙම ග‍්‍රන්ථයේ පවසන ආකාරයට ” පෙළඹවීම් ඇති කිරීම කෙරෙහි එම කොටසෙහි ඇති සම්බන්ධතාවය සළකා බැලූ විට පූරෝලලාට පෙදෙස ආක‍්‍රමණකාරී හැසිරීම් සඳහා වූ මූලික ක‍්‍රියාකාරී මධ්‍යස්ථානය ලෙසද සිතිය හැක. .....” 3

 එබැවින් මස්තිෂ්කයේ මෙම පෙදෙස යමක් තීරණය කිරීම, ඒ සඳහා පෙළඹවිම් ඇති කිරීම, යහපත් මෙන්ම අයහපත් හැසිරීම් ආරම්භ කිරීම යනාදිය දේ සිදුකිරීමට මූලික වන පෙදෙස වන අතරම, මෙම පෙදෙස සත්‍ය සේම, අසත්‍ය කතා කිරීම යනාදියටද හේතු කාරක වෙයි. එබැවින් යමෙකු මුසා බස් පවසන අවස්ථාවේදී හෝ පාපකාරී ක‍්‍රියාවක යෙදෙන අවස්ථාවේදී කුර්ආනයෙහි මුසා බස් කියන, පාපකාරී නාසියහ්වකි ( හිසේ ඉදිරිපස කොටස) පවසා ඇති ආකාරයටම හිසෙහි ඉදිරිපස කොටස මුසා බස් කියන, පාපකාරී පෙදෙසක් ලෙස නම් කිරීම ඉතාමත් සුදුසු වෙයි.


12 රූපය : මස්තිෂ්ක බාහිකයෙහි වම් මස්තිෂ්ක අර්ධගෝලයෙහි ක‍්‍රියාකාරී පෙදෙසයි මේ.
මස්තිෂ්ක බාහිකයෙහි පූර්ව කොටසෙහි පුරෝලලාට පෙදෙස පිහිටා ඇත.(Essentials of
Anatomy & Physiology, Seeley and others, පිටුව. 210.)


 මහාචාර්ය කීත් එල් මුවර් (Prof. Keith L Moore)පවසන ආකාරයට විද්‍යාඥයින් විසින් මෙම පූරෝලලාට පෙදෙසෙහි කාර්්‍යය පිළිබඳව සොයාගන්නා ලද්දේ මීට අවුරුදු 60 කට ඉහතදීය.1




Footnotes:
(1) Essentials of Anatomy & Physiology, Seeley and others, p. 211.  Also see The Human Nervous System, Noback and others, pp. 410-411. 
(2) Essentials of Anatomy & Physiology, Seeley and others, p. 211. 
(3) Al-Ejaz al-Elmy fee al-Naseyah (The Scientific Miracles in the Front of the Head), Moore and others, p. 41. 

4 ප්‍රතිචාර:

රොබින් said...

අම්මපා ?. මාරයි ඈ.
අපි ඉතින් මොකද කරන්න ඕනෙ දැන්. ?

Asanka Udayanga said...

ඔක මුලින්ම කිවේ ඔය දෙයියා කියලා කියන්නේ කොහොමද,ලංකාව ඉන්දියාව වගේ රටවල තිබුනු අයුරුවේදය ඕවා ඔයිට ගොඩක් කලින් කියලා තිබුනේ,
ඉතින් ඔය දෙයියා ඔය කියපුවා ආයුරුවේදයෙන් හොරකන් කරලා කිවවා කියලා තමයි මටනම් හිතෙනෙනේ,නරකද කුරානයේ තියන ත්‍රස්තවාදය ගෑන කතා කරා නම්.

ඔබට ඉස්ලාම් said...

@ අසංක
හොරකම් කරනවා නම් සියලුම දේවල් හොරකම් කල යුතුයි(ඔබ ඔය කියන මුලාශ්‍ර වල අවිද්‍යාත්මක සටහන් සමග ) .ඒ වගේම කුරානයේ තියෙන්නේ එකිනෙකට වෙනස් විෂයන්ය.හොරකම් කිරීමට නම් මුලාශ්‍ර විශාල ප්‍රමාණයක් අද්‍යනය කිරීම නුගත් පුද්ගලයෙකුට නොහැකිය .

ඔබට ඉස්ලාම් said...

@රොබින්
මුස්ලිම් අය සමග වෛර බදින්න එපා