ඉස්ලාමයෙහි සත්‍යතාවය සඳහා සාදක කිහිපයක් I

දෙවියන්වහන්සේ විසින්, අවසාන වක්තෘවරයා වූ මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම් තුමාට, බොහෝ ප්‍රාතිහාරයයන් කිරීමේ හැකියාව සහ බොහෝ සාක්ෂි ලබා දෙමින් එතුමා සැබවින්ම දෙවියන්වහන්සේ විසින් එවනු ලැබූ වක්තෘවරයෙකු බව තහවුරු කොට ඇත. එසේම දෙවියන්වහන්සේ තමා විසින් අනාවරණය කරන ලද අවසානතම ග්‍රන්ථය වන ශුද්ධ වූ කුර්ආනයෙහි බොහෝ ප්‍රාතිහාර්යයන් අඩංගු කරමින් එය දෙවියන්වහන්සේගේම වදන් බවට සාධක සපයයි. කුර්ආනයෙහි කතෘවරයා මනුෂ්‍යයෙකු නොවන බවටද සාක්ෂි සපයයි. මෙම පරිච්ඡේදය මඟින් මෙවැනි සාධක කිහිපයක් පිළිබඳව සාකච්ඡා කෙරෙයි.
අල් කුර්ආනයේ සඳහන් විද්‍යාත්මක ප්‍රාතිහාර්යයන්
අල් කුර්ආනය යනු දෙවියන්වහන්සේගේ සත්‍ය වදන්ය. ජිබ්රීල් සුරදූතයා මඟින් මෙම වදන් වක්තෘ මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම් තුමා හට අනාවරණය කරන ලදී. එය මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම් තුමා විසින් වනපොත් කරගෙන, ඔහුගේ අනුගාමිකයින්ට එය ලියා ගැනීම පිණිස කියවන ලදී. ඔවුන් එය පිළිවෙළින් මතක තබා ගෙන විවිධ අන්දමින් සටහන් කර ගෙන, ඒවා මුහම්මද් තුමා සමඟ සමාලෝචනය කර ඇත. එපමණක් නොව මෙම කුර්ආනය මුහම්මද් තුමාද ජිබ්රීල් සුරදූතයා ඉදිරියේ සෑම වසරක් පාසාම පාරායනය කර ඇති අතර එතුමාගේ ජීවිතයේ අවසාන වසරේදී එය දෙවතාවක් පාරායනය කර නිවැරදිතාවය තහවුරු කරගෙන ඇත.

කුර්ආනය ලොවට පහළ වූ දා සිට මේ වන තුරු එහි සෑම අකුරක් පාසාම කට පාඩම් කරගත් මුස්ලිම්වරුන් විශාල සංඛ්‍යාවක් මෙලොව තුළ සිටී. ඒ අතරේ වයස අවුරුදු දහයක් තරම් කුඩා දරුවන් පවා සිටී. එලෙස ශතවර්ෂ ගණනාවක් පසු කළත් අල් කුර්ආනය එකම අකුරක්වත් නොවැරදී, නොවෙනස්ව ඒ අයුරින්ම පවති .

දැනට සියවස් දහ හතරකට පෙර අනාවරණය කළ කුර්ආනයේ සඳහන් සමහර තොරතුරු විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත්තේ ඉතාමත් මෑතකදිය. මේ සොයාගැනීම් මඟින් විද්‍යාමාන වන්නේ කුර්ආනය යනු සත්‍යවශයෙන්ම දෙවියන්වහන්සේගේ වදන් බවත්, එය වක්තෘ මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම් තුමා වෙතට පහළ කළ බවත් එවැනි ග්‍රන්ථයක් රචනා කිරීමට තරම් ඥාණයක් එතුමාට නොතිබුණ හෙයින් එහි කතෘ නොවන බවට ද එතුමා සත්‍යවශයෙන්ම දෙවියන්වහන්සේගේ පණිවිඩකරුවා විය යන්නට හොඳම සාක්ෂිය විය.

මින් ඔබ්බට සිතා බැලුවහොත් අද දින විද්‍යාත්මකව සොයාගත් ඇතැම් කරුණු ගවේශණය කරගන්නා ලද්දේ ඉතාමත් සුක්ෂම  හා දියුණු යන්ත්‍ර උපකරණ මඟිනි. නමුත් නොදියුණු කාලවකවානුවක් වූ දහහතර වන සතවර්ෂයේ සිටි කිසිම කෙනෙකුට මෙවැනිදේ සොයා ගැනීමට කිසිසේත් නොහැකි බව පැහැදිළි වේ.

4 ප්‍රතිචාර:

Unknown said...

masha allah
great work brother

ඔබට ඉස්ලාම් said...

ජසාකල්ලාහ් For දිගටම රැදී සිටින්න

Unknown said...

ඔබගේ මෙම උත්සහයට මම සුබපතනව. එසේම තව තව බොහො ලිපි ලියන්නට ඔබට ශක්තිය ලෑබෙවායි අල්ලාහුතාඅලාගෙන් මම ප්‍රර්තනා කරම්. එසේම ඔබට මෙම කර්යයට යම්කිසි උදව්වක් අවස්ය නම් naja6516@gmail.com mail එකක් දාන්න.

ඔබට ඉස්ලාම් said...

ජසාකල්ලාහ් M. N. M. Farhan දිගටම රැදී සිටින්න