ඉස්ලාමයෙහි සත්‍යතාවය සඳහා සාදක කිහිපයක් II

මිනිස් කළල විකසනය පිළිබඳව අල් කුර්ආනයෙන්

ශුද්ධ වූ අල් කුර්ආනය මඟින් මිනිස් කළල විකසනයේ විවිධ අවධීන් පිළිබඳව දෙවියන්වහන්සේ
මෙසේ සඳහන් කරයි.

අප මිනිසාව මවන ලද්දේ මැටි නිස්සාරණයකිනි. පසුව අප එය යම්
ස්ථානයක තදින් සවි වූ බිඳුවක් කලෙමු. පසුව මෙය අලකාහ් (කුඩැල්ලා,
අවලම්බනය වූ ද්‍රව්‍ය, රුධිර කැටිය) තත්වයට පත් කළෙමු. ඉන්පසු එම
කළලය මුද්ගාහ් අවස්ථාවක් (සපන ලද ද්‍රව්‍යක්) බවට පත් කළෙමු.1
(අල් කුර්ආනය 23: 12-14)
අරාබි භාෂාවෙන් අලකාහ් යන්නට අර්ථයන් තුනක් ඇත.
01. කූඩැල්ලා
02. අවලම්බනය වූ ද්‍රව්‍ය
03. රුධිර කැටිය යන්නයි

  මිනිස් කළල විකසනයේ අලකාහ් අවධිය කුඩැල්ලෙකුට සංසන්දනය කළ විට ඒ දෙක අතර සාමානත්වයක් පහත 01 රූපයේ ආකාරයට දක්නට හැක.2 එසේම මෙම අවස්ථාවේ කළලය මවගේ රුධිරයෙන් පෝෂණය වන අතර එය කූඩැල්ලෙකු,කෙනෙකුගේ රුධිරයෙන් පෝෂණය වීම හා සමානය.3

   අලකාහ්හි දෙවැනි අර්ථය වන " අවලම්බනය වූ ද්‍රව්‍යයම" ගත් කළ එය පහත 2 හා 3 රූප වලින් පෙනෙන ආකාරයට මවගේ ගර්භාශයේ අවලම්බනය වූ ද්‍රව්‍යයක් ලෙස පවතී.

01 රූපය
මිනිස් කළල විකසනයේ අලක් අවස්ථාව හා කූඩැල්ලෙකු අතර ඇති සමානත්වය පෙන්නුම්
කිරීමට අඳින ලද රූපය.  (Leech drawing from Human Development as Described in the
Qur’an and Sunnah, Moore and others,පිටුව . 37, modified from Integrated Principles of
Zoology, Hickman and others. Embryo drawing from The Developing Human, Moore and
Persaud,5වන සංස්කරණය, පිටුව 73


02 රූපය
මවගේ ගර්භාශයේ අවලම්බනය වූ ද්‍රව්‍යයක් ලෙස පවතින කළලය.
(The Developing Human,Moore and Persaud 5වන සංස්කරණය, පිටුව 66)

   අලකාහ් හි තුන්වන අර්ථය "රුධිර කැටිය" යන්නයි. මෙහිදී කළලයේ බාහිර පෙනුම හා එහි ආවරණය, රුධිර කැටියකට සමානය. මෙයට හේතුව මෙම අවස්ථාවේදි සාපේක්ෂව අති විශාල රුධිර ප්‍රමාණයක් එහි අන්තර්ගතව තිබීමයි.(4 රූපය) තවද මෙම පියවරේදි කළලය එහි තුන්වන සතිය අවසාන වන තෙක් කිසිඳු රුධිර සංසරණයක් සිදු නොකරයි. එබැවින් කළලයේ අලකාහ් අවස්ථාව රුධිර කැටියකට සමානය.
 
04 රූපය:
අලක් අවස්ථාවේදී කළලයේ ඇති ප්‍රාථමික රුධිර සංසරණ පද්ධතිය රූපයෙන් දැක්වේ. කළලයේ
පිටත පෙනුමත්, එහි ඇති ආවරණයත්, කළලයේ  සාපේඬව අධික ප්‍රමාණයක් රුධිරය අඩංගු බැවින් රුධිර 
කැටියකට සමාන වෙයි.
(TheDeveloping Human, Moore,5වන සංස්කරණය, පිටුව 65.)
 එබැවින් අලකාහ් යන වචනයේ අර්ථ තුනම
කළල අවස්ථාවට මනාව ගැලපේ. 

        ඉන්පසුව ඇති පියවර ලෙස කුර්ආනයේ සඳහන් වන්නේ මුද්ගාහ් අවධිය ලෙසයි. මෙම අරාබි වචනයේ අර්ථය වන්නේ "විකනලද ද්‍රව්‍යයක් " යන්නයි. යමෙක් චුවිංගම් එකක් කටේ දමා සපා එය පිටතට ගෙන කළල අවස්ථාව සමඟ සංසන්දනය කළවිට, මුද්ගාහ් පියවරේ ඇති කළලය විකනලද ද්‍රව්‍යයයේ හැඩයට සමාන බව පෙනීයයි. මෙයට හේතුව කළලයේ පිටුපස ඇති කශේරුකා, විකන ලද ද්‍රව්‍යයයේ දත් සලකුණු වල හැඩයට සමාන වීමයි. (5 සහ 6 රූප සටහන)               

    එසේනම්, දැනට වසර දහ හතරදාහකට පෙර මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම්  තුමා මෙය දැන සිටියේ කෙසේද? දක්‍ෂ විද්‍යඥයින් පවා මෑතකදි මේවා සොයා ගන්නා ලද්දේ වසර වසර දහ හතරදාහකට පෙර නොතිබුණු දියුණු තාක්ෂණික  උපකරණ හා සියුම් අන්වීක්‍ෂ  භාවිතා කරමිනි.

 
05 රූපය:
මුද්ගාහ් අවධියේ ඇති කළලයක ඡායාරූපය (දින 28ක් වයසැති) මෙම
අවධියේදී කළලය විකන ලද ද්‍රව්‍යයක ස්වරූපය ගනියි. හේතුව මේ අවධියේදී
කළලයේ කශේරුකා පෘෂ්ඨය විකන ලද ද්‍රව්‍යයක ඇති දත් සළකුණු වලට
තරමක් සමාන හැඩයක් ගැනීමයි. මේ අවධියේ කළලයේ ප්‍රමාණය 4mm වේ.
(The Developing Human, Mooreand Persaud 5 වන සංස්කරණය, පිටුව 82 from Professor Hideo
Nishimura, Kyoto University,Kyoto, Japan.)
 
 06 රූපය:
මුද්ගාහ් අවධියේ ඇති කළලය, විකූ චුවිංගම් කැබැල්ලක් හා සංසන්දනය
කළ විට එම ස්වරූප දෙකෙහි සමානතා අපට හඳුනාගත හැක.
A මුද්ගාහ් අවධියේ ඇති කළලයක රූප සටහන. මෙහි කෂේරුකා පෘෂ්ඨයෙහි
හැඩය දත් සළකුණු වලට සමානය.(TheDeveloping Human, Moore and
Persaud, 5වන සංස්කරණය, පිටුව 79)
B විකූ චුවිංගම් කැබැල්ලක ඡායාරූපය.

    හැම් සහ ලියුවැන්හොක්(Hamm & Leeuwenhoek)­ මිනිස් ශුක්‍රාණු සෛල පිළිබද මුලින්ම නිරීක්‍ෂණය  කළ විද්‍යාඥයින් දෙදෙනා වන අතර මේ සඳහා වැඩිදියුණු කළ අන්වීක්‍ෂ  යොදා ගන්නා ලදී. මෙසේ කරන ලද්දේ ක්‍රි.ව. 1677 දීය. එනම් මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම් තුමාගේ කාලයේ සිට වසර 1000කට පමණ පසුවය. නමුත් ඔවුන් පැවසුවේ, ශුක්‍රාණුව යනු මිනිස් කළලයේ ඉතා කුඩා අවධිය බවත්, එය ස්ත්‍රි ප්‍රජනන පද්ධතියට ඇතුළු පසු වර්ධනය වන බවත් යනුවෙනි. ඔවුන් එය වරදවා වටහා ගන්නා ලදී. 7  

     මහාචාර්ය එමරිටස් කීත් එල්. මුවර්, කළල විද්‍යාව හා කායව්‍යවච්ඡේදය පිළිබඳ මුළු ලොවේම ප්‍රසිද්ධියක් දරාසිටින විද්‍යාඥයකි. ඔහු The Developing Human නම් ග්‍රන්ථයේ කතුවරයා වන අතර එය දැනට භාෂා අටකට පරිවර්ථනය කර ඇත. මෙය විද්‍යාත්මක නිර්දේශනයක් වන අතර ඇමෙරිකාවේ විශේෂ නියෝජිත මණ්ඩලයක් විසින් මෙය තනි පුද්ගලයෙකු විසින් රචනා කරන ලද උත්කෘෂ්ට ග්‍රන්ථයක් බවට තෝරා ගන්නා ලදි. මොහු කායව්‍යවච්ඡේදය හා සෛල විද්‍යාව පිළිබද කැනඩාවේ ටොරන්ටෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකි. ඔහු වෛද්‍ය පීඨයේ සහකාර පීඨාධිපති ලෙසද කායව්‍යවච්ඡේද අංශයේ සභාපති ලෙස වසර 8 ක් සේවය කර ඇත. 1984 දී කැනඩාවේ කායව්‍යවච්ඡේද සංගමය විසින් පිරිනමන කායව්‍යවච්ඡේද අංශය පිළිබඳව විශිෂ්ටතම සම්මානය වන J.C.B Grant Award නම් සම්මානය ඔහු විසින් දිනා ගන්නා ලදී. ඔහු කැනඩා සහ ඇමරිකා කායව්‍යවච්ඡේදය සංගමය, ජීව විද්‍යා කවුන්සිලය වැනි සංගම් රැසක සභාපති ධූරය හොබවා ඇත. 

1981, සව්දි අරාබියේ දමාම් හි පැවති හත්වන සමුළුවේදි මහාචාර්ය මුවර් මෙසේ පවසා ඇත." මානව  විකසනය සම්බන්ධව අල් කුර්ආනයේ සඳහන් දෑ පිළිබඳව පැහැදිළි ප්‍රකාශයක් කිරීමට ලැබීම ඉමහත් භාග්‍යයක් ලෙස සලකමි. මෙහි අඩංගු ප්‍රකාශනයන් ඇත්තවශයෙන්ම මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම් හට දෙවියන්වහන්සේ විසින් පවසා ඇත යන්න මට ඉතා  පැහැදිළිය. මක්නිසාද මෙම ප්‍රකාශනයන් වක්තෘ මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම් තුමාගේ කාලයේ සිට සියවස් ගණනක්ම යනතුරු සොයාගෙන නොතිබීමයි. මෙයින් ඔප්පු වන්නේ මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම් දෙවියන්වහන්සේගේ පණිවිඩකරුවෙකු බවයි."

    "ඒ කියන්නේ ඔබ, අල් කුර්ආනය දෙවියන්වහන්සේගේ වචන බව විශ්වාසකරනවා යන්නද?" යන්න මෙහිදි ඔහුගෙන් අසන ලද ප්‍රශ්නයකට "ඒ ගැන මට කිසම සැකයක් නැත" 9  යන්නෙන් පිළිතුරු දී ඇත.

        තවත් සම්මන්ත්‍රණයකදී මහාචාර්ය මුවර් මෙසේ ප්‍රකාශ කර ඇත "....... එකිනෙකට අනුයුක්ත විකසනයේදී සිදුවන විවිධ වෙනස්කම් නිසා මිනිස් කළල විකසනය බොහෝ සංකීරණය. එබැවින් මේ සඳහා අල් කුර්ආනයේ හා සුන්නාහ් (මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම් තුමා කියන ලද, කරන ලද හා අනුමත කරන ලද දේ) වල ඇති පද යොදාගෙන නව වර්ගීකරණ ක්‍රමයක් සිදුකළ යුතුයි ".

       යෝජනා කරන ලද ක්‍රමය සරලය එසේම පුළුල්ය. එපමණක් නොව එය වර්තමාන කළල විද්‍යාත්මක දැනුම තහවුරු කරයි. අවසාන සිව්වසර තුළ පහළ වූ කුර්ආන් වැකි හා හදිස් (මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම් තුමා කියන ලද, කරන ලද හා අනුමත කරන ලද දේ පිළිබඳව එතුමාගේ අනුගාමිකයින් විසින් වාර්ථා කරන ලද විශ්වාස කළ හැකි සම්ප්‍රේෂිත වාර්තා) සියුම්ව අධ්‍යයනය කිරීමෙන් මිනිස් කළල විකසනයේ විවිධ අවස්ථා වර්ගීකරණය කිරීමට ක්‍රමයක් හෙළි දරවු කරගෙන ඇති අතර, පුදුමයට කරුණ නම් මේ තොරතුරු සටහන් කර තබා තිබුණේ ක්‍රි.ව. හත්වන සියවසේදී විමයි. 
    
කළල විද්‍යාව සොයාගත් "ඇරිස්ටෝටල්", කිකිළි බිත්තර අධ්‍යයනය කිරීම මඟින් කුකුළු කළලය විවිධ අවදි සහිතව වැඩෙන බව ක්‍රි.පූ හතරවන සියවසේදී නිරීක්‍ෂණය  කර තිබුණත්, මෙම විවිධ අවධි පිළිබඳව කිසිඳු විස්තරයක් සඳහන් කර නොතිබුණි . මෙසේ අතීතයේ සිට විසිවන සියවස වන තෙක්, කළල විකසනයේ විවිධ අවස්ථාවන් පිළිබඳවත්, එහි වර්ගීකරණය පිළිබඳවත් දැන සිටි කරුණක් වේ නම් ඒ ඉතා අල්පය. මේ නිසා අල් කුර්ආනයේ ඇති මිනිස් කළල පිළිබඳව විස්තර ක්‍රි.ව. හත්වන සියවසේදී තිබූ විද්‍යාත්මක දැනුම මත පදනම් වූවක් විය නොහැක. එබැවින් මේ සඳහා දිය හැකි සාධාරණ නිගමනය වන්නේ: අකුරු ලිවීමට හෝ කියවීමට නොදත් කිසිඳු විද්‍යාත්මක පුහුණුවක් නොලද මුහම්මද්සල්ලල්ලාහු අලයිහිවසල්ලම් තුමාට හෙළි දරව් කරන ලද්දේ දෙවියන්වහන්සේ විසින්ය යන්නයි. 10


reference,
  1. මෙහි ඇත්තේ අල් කුර්ආන් වදන්වලි පරිවර්තනයක් පමණක් බව සලකන්න. සත්‍ය අල් කුර්ආනය ලියා ඇත්තේ අරාබි භාෂාවෙනි. 
  2. The Developing Human, Moore and Persaud, 5 වන සංස්කරණය, පිටුව 8
  3. Human Development as Described in the Qur’an and Sunnah, Moore and others, පිටුව 36
  4. Human Development as Described in the Qur’an and Sunnah, Moore and others, පිටුව 37 ,38
  5. The Developing Human, Moore and Persaud, 5th ed., p. 65
  6. The Developing Human, Moore and Persaud, 5th ed., p. 8.
  7. The Developing Human, Moore and Persaud, 5th ed., p. 9
  8. Note: The occupations of all the scientists mentioned in this web site were last updated in 1997.
  9. The reference for this saying is This is the Truth (videotape).  For a copy of this videotape, please visit this page.    
  10. This is the Truth (videotape).
  11. his is the Truth (videotape).  For a copy, see footnote no. 9.    

5 ප්‍රතිචාර:

ඔබට ඉස්ලාම් said...

දරු කළලය හා පිලිසිඳගැනීම
http://www.yahamaga.com/textfils/saince/moor.htm

සහෝදර එකමුතුව said...

අස්සලාමු අලෙයිකුම්.හොඳ ලිපියක්.දිගටම ලියන්න. අප විසින් ලියන ලද ලිපියක් පහත දක්වමු. කියවා බලා ඔබ කැමති නම් ඔබගේ අඩවියේ ප්‍රදර්ශනය කරන මෙන් ඉල්ලා සිටිමු.

සහෝදර එකමුතුව said...

http://sahodaraekamuthwa.blogspot.com/

ඔබට ඉස්ලාම් said...

ජසාකල්ලාහ් සහෝදර එකමුතුව ,ඔබගේ ලිපිය පලකරන ලදී .තව දුරටත් ලිපි ලිවීමට ඔබට අල්ලාහ් ගේ ශාන්තිය අත්වේවා

සහෝදර එකමුතුව said...

අපගේ ලිපිය පල කිරීම් පිළිබඳව අපගේ ස්තූතිය.තව දුරටත් ලිපි ලිවීමට ඔබටත් අල්ලාහ් ගේ ශාන්තිය අත්වේවා!!!