ඉස්ලාමයෙහි සත්‍යතාවය සඳහා සාදක කිහිපයක් III

ඳු පිළිබඳව අල් කුර්ආනයෙන්  

   Earth නැමැති ග්‍රන්ථයක් ලොව පුරා ඇති විශ්ව විද්‍යාලවල මූලික පොතක් ලෙස
භාවිතා වෙයි. මහාචාර්ය එමරිටස් ෆ්‍රූන්ක් ප්‍රෙස් (Frank Press) යනු එම ග්‍රන්ථයේ
කතුවරුන්ගෙන් කෙනෙකි. ඔහු හිටපු ඇමරිකානු ජනාධිපති ජිමී කාටර්(Jimmy Carter)
මහතාගේ විද්‍යා උපදේශක ලෙසද කටයුතු කළේය. එසේම ඔහු වසර දොළහක් වොෂිංටනයේ
ජාත්‍යන්තර විද්‍යා ඇකඩමියේ සභාපති ධූරය ද හෙබවීය. ඔහුගේ ග්‍රන්ථයේ
සඳහන් වන ආකාරයට කඳු වලට යටින් පොළව තුළ ගිලුන මුල් 2 පවතන ලෙසත්
මේවා ඉතා තදින් පොළව තුළට කාවැදී ඇති බැවින් කන්දකට කූංඥයක හැඩයක් ලැබී
ඇති බවද සඳහන් වේ.

අපි පොළොව අතුරණයක් නොකලෙමුද? කඳු කූංඥ මෙන් නොකලෙමුද?
(අල් කුර්ආනය 78:6-7)
9 රූපය
ගැඹුරු මුල් පැවතීම හේතුවෙන් කඳුවලට කූංඥ හැඩයක් ලැබී ඇත්තේ කෙසේ දැයි
පෙන්වන තවත් රූප සටහනක් (Earth,Press and Siever, පිටුව 413.)



7 රූපය
කඳුවලට පොළොවේ මතු පිට පෘෂ්ඨයෙන් යටට විහිදුන ගැඹුරු මුල් ඇත.
(Anatomy of theEarth, Cailleux,පිටුව 220.) 

8 රූපය
දික්කඩක් කූංඥ හැඩය ගත් කඳුවලට පොළොව තුළට කා වැදුණු ගැඹුරු මුල් පවතියි.
(EarthScience, Tarbuck and Lutgens පිටුව 158.)



    නවීන විද්‍යාව මඟින් කඳු වලට පොළොව මතුපිට පෘෂ්ඨයෙන් යට, පොළොව තුළට
ගැඹුරින් කා වැදුණු මුල් පවතින බවට සනාත කර ඇති අතර (9 රූපය) මෙම මුල්වල
ගැඹුර, පොළොවෙන්1 උඩට මතු වී අපට පෙනෙන කඳුවල උස ප්‍රමාණය මෙන් කිහිප ගුණයක්
විශාලය. එබැවින් මෙම තොරතුරු සැලකීමට ගන්නා විට කඳු හැඳින්වීම සඳහා
"කූංඥය" යන වචනය ඉතාම උචිතය. මක්නිසාද යත් බොහෝ  විට පොළොව මත
මනාව ගසන ලද කූංඥයක විශාලම කොටස පොළොව තුළ සැඟවී පවතී.

    විද්‍යාවේ ඉතිහාසය අපට පවසන්නේ, කඳුවලට යටින් ඇති ගැඹුරු මුල්
පිළිබඳව සිද්ධාන්තය හදුන්වාදුන්නේ 1865 දී තාරකා විද්‍යාඥයෙකු වූ ශ්‍රීමත් ජෝර්ජ්
අයිරි රෝයල්(Royal, Sir George Airy)­ විසින් බවයි.2

පොළොවේ මතුපිට සිවිය සමතුළිත තාවයේ තබාගැනීම3 සඳහා කඳුමඟින්
විශාල මෙහෙයක් සිදු කෙරෙයි. කඳුමඟින් පොළොව චලනය වීම අඩු කරයි.

දෙවියන්වහන්සේ ශුද්ධ වූ අල් කුර්ආනයේ මෙසේ පවසයි.

ඔබ හා පොළොව කම්පා නොවනු පිණිස  තදින් පොළොවට සවි වූ කඳුද,
ඔබට හරි මඟ දැනගනු පිණිස  ගංගාද මංමාවත්ද එහි පිහිටෙව්වේය.
(අල් කුර්ආනය 16:15)
මෙලෙස ඉතා මෑත කාලයේදී දියුණු තාක්ෂණික  ක්‍රම(Plate Tectonics) මඟින් සොයා ගත් ආකාරයට කඳු පොළොව සමතුළනය කිරීමට විශාල කාර්‍යභාරයක් ඉටුකරයි. මෙම සොයා ගැනීම් වල මුලාරම්භය සිදුවූයේ 1960දී පමණ වූ මෑත කාලයේදීය.4

  ඇත්තටම වක්තෘ මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම්  තුමාගේ කාලයේ සිටින ලද කිසිකෙනෙකුට
කඳුවල සැබෑ හැඩය ගැන මෙසේ වැටහීමක් තිබෙන්නට ඇත්ද? ඇත්තෙන්ම ඒ
කාලයේ සිටි මිනිසෙක් තමා ඉදිරියේ පවතින විශාල, උස්වූ කන්දක් දෙස බලා මෙහි
පොළොව යට මෙම කන්දට යටින් විශාල මුලක් පවතියි යැයි විද්‍යාත්මකව සිතන්නට
ඇත්ද? කිසිසේත්ම නැත. හේතුව එදා මිනිසාට ඒ පිළිබඳව ඥානයක් නොතිබීමයි.
කෙසේ නමුත් නවීන භූ විද්‍යාව මඟින් කුර්ආන් වැකිවල තිබූ සත්‍යතාවය අද දින වන
විට ඔප්පු කර අවසානය.
Footnotes:
(1) Earth, Press and Siever, p. 435.  Also see Earth Science, Tarbuck and Lutgens, p. 157.
(2) The Geological Concept of Mountains in the Quran, El-Naggar, p. 5.
(3) The Geological Concept of Mountains in the Quran, p. 5.
(4) The Geological Concept of Mountains in the Quran, pp. 44-45. 
(5) The Geological Concept of Mountains in the Quran, p. 5. 





3 ප්‍රතිචාර:

Bloggslk අයිතිකරු said...

Good Post. Keep it up. http://bloggslk.blogspot.com
It's my blog.

ඔබට ඉස්ලාම් said...

@Bloggslk
දිගටම අප සමග රැදී සිටින්න

ඔබට ඉස්ලාම් said...

@kadupul
//It is a well accepted fact even among Muslims that Islam is just code of conduct for an uncivilized desert tribe. //
අශිෂ්ට සමාජයකට යහමග පෙන්වපු දහමකි ඉස්ලාම් කියන්නේ .ඔබට නබි තුමාට පෙර කාලයේ අරාබියේ තිබු තත්වය ගැන හොයා බැලුවොත් වැටහේවි .
//So naming it as a religion or comparing it with other great religions in the world is a great insult to them.//
සංසන්දනය කරන්නේ සත්‍ය අවබෝධයටයි
//It is not a secret that Allah is a rapist and a child abuser//
මේ සදහා ඔබ ලග තියෙන සාදක ඉදිරිපත්කරන්න .අල්ලාහ් යනු සර්ව බලධාරී දෙවියකි මනුෂ්‍යකු නොවේ .අල්ලාහ් ට කිසිවකගෙන් කිසිදු අවශ්‍යතාවයක් නොමැත .
අයි ඔබ මිනිස්සු කරන වැරදි විතරක් බලන්නේ .ලංකාවේ හැම ආගමකම වැරදි කරන අය ඉන්නවනේද .බෞද්ධ අය වැරදි කරන අය ඉන්නවා නේද .පුවත් පත වලින් දකින්නේ නැද්ද .ඉස්ලාම් දහම ගැන දැනගැනීමට අල් කුර්ආනය සහා සහිහ් හදිත් වැනි දේවල් අද්‍යනය කරන්න .එවිට තමයි සත්‍ය දහම කුමක්දැයි අවබෝද වෙන්නේ .ඔබම කියන්න චීවර දාරියකු කරන වැරදි වලට බුදු දහම වගකිවයුතුද ?
//They are either looters or cheaters or rapists or drug dealers and you name it! //
බෞදයන් අතරේ මෙවැනි පුද්ගලයන් නැද්ද? .මෙවැනි දේවල් ඉස්ලාමය අනුමත නොකරන ඒවාය .
//There is no survival for this type of uncivilized tribes in the civilized world. They fight each other and vanish from the world. The nature gets rid of them.//
කාම්බෝධියාව සහ තායිලන්තය අතර ගැටුම සිදුවෙන බව දන්නවද ?ඔවුන් සටන් කරන්නේ 4.6 වර්ගකිලෝමීටර් භූමියකට නේද .මෙම රටවල් බෞද්ධ රටවල් නේද .
මෙම බ්ලොග් අඩවියේ තියෙන සාදක කියවා සත්‍ය හදුනා ගන්න
ඔබට සාමයක් වේවා ..!