ඩෝකින්ස් ,වෙන්ටර් කවුද හරි? කවුද වැරදි ?

අසිමීත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ් ගේ නාමයෙන් ආරම්භ කරමි.
----- 
මුලින්ම පැවසීමට  දෙයක් තිබේ ,එනම්
එකම ආදිතමයෙක්ගෙන් අද පවතින විශේෂ පැවත එන බව පරිණාමික ගස (Evolutionary Tree or Phylogenetic tree or Tree of life) මගින් පෙන්වා දෙයි.
-----
ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ ටික දිනකට කලින් ජිවය යනු කුමක්දැයි යන්න විවාදයක් පැවැත්වුණි .එහි පරිණාම ගස ගැන වෙන්ටෙර් පැවසූ දෙය සියල්ලගෙන්ම අවධානයට පාත්‍ර විය.
ඩෝකින්ස් ගේ වචනයෙන්ම කියනවා නම් පරිණාම ගස යනු ප්‍රබන්දයක්,මුසවදයක්ම බව වෙන්ටර් අදහස් දැක්විය .

ඩෝකින්ස් ,වෙන්ටර් ,පෝල් ඩේවිස් ,ලෝරන්ස් ග්‍රාස් ,ක්‍රිස් මැකේ ප්‍රමුක විද්‍යාඥයන් ගේ සහභාගිත්වයෙන්  ජිවය  යනු කුමක්ද ,එය ඇතිවුනේ කෙසේද යන දේවල් ගැන විවාද කරන ලදී එය රොජර්  බිංහම් විසින් මෙහෙයවන ලදී



විවාදයට පැමිණිවැඩිම දෙනෙක් ජිවයන් සියල්ල ඒක ආදිතමයෙකුගෙන් (common ancestor) ඇතිවූ බවත්ය .ඒ නිසා ඒවා සියල්ලම එකම බවය.නමුත් එක්කෙනෙකු මෙය ප්‍රතික්ෂේප කළේය ,ඔහු වෙන්ටර් ය .

මෙහිදී ඇතිවූ උණුසුම් වාදය නම් ,

වෙන්ටර්  :- මෙලොවේ ජීවයන් එකම ස්වරුපයෙන් යයි තිබෙනවා යයි කියූ මාගේ මිත්‍රයන්ගේ අදහස් වලින්    පරිභාහිරව සියලුම ජීවින් වෙනස් වෙනස්  ආකාරයෙන් මම අදහස් දක්වනවා

PH 12 පදනමේ ඔබලාව දැම්මොත් හැම දියවී යයි ,නමුත් එහි වෙනත් ජීවින් සිටිනවා .ඒ නිසා මෙම වර්ග දෙකම එකම යයි මම නොකියමි ,

පෝල් ඩේවිස් :- අප සියල්ලටම එක වගේ ජාන කේත (Genetic code) තියෙන්නේ ඒ නිසා අප සියල්ලම එකම මිමුත්තෙකුගෙන් පැවතනවා .


වෙන්ටර් :-නැහැ අප සියල්ලටම එකම වගේ ජාන කේත නැහැ ,ඇත්තම කියනවා නම් Mycoplasma බැක්ටීරියා වල තියෙන ජාන කේත ඕගොල්ලන්ගේ සෛල වල ක්‍රියා කරන්නේ නැහැ, එනිසා ජීවින් තුල විශාල වෙනස්කම් තියෙනවා .


පෝල්ඩේවිස් :-ඒවා(Mycoplasma) වෙනත් පරිණාම ගසකින් බව  ඔබ නොපවසයි යයි සිතනවා


වෙන්ටෙර් :-පරිනාම ගස ඉස්සර තිබු දැනුමෙන් ප්‍රබන්ධ කල එවයි එනිසා පරිනාම ගසයැයි කිසිවක් නැත .

වෙන්ටර්ගේ මෙම ප්‍රකාශනයෙන් ප්‍රේක්ෂකයන්ට කුතුහලයක් ඇතිවිය යුතුය.

පරිණාමයේ පදනම ගැන වෙන්ටර් ගේ ප්‍රකාශයෙන් ඩෝකින්ස් ගේ අන්දුන් කුන්දුන් වූ බවක් ඔහුගෙන් පිලිබිබු විය


ඩොකින් :-පරිනාම ගස ප්‍රබන්දයක් ලෙස වෙන්ටර්ගේ කීම මට පුදුම උපදවන සුළු විය . මේ ලොවේ ඇති සියලුම ජීවින් ගේ ජාන කේත සියල්ලම එක වගේ තියෙන්නේ ,ඒ නිසා මේ ලොවේ ඇති සියලුම ජීවින් එකිනෙක සම්බන්ද වී තියෙනවා.

මෙම ප්‍රකාශනයත් සමගම දැඩි නිශ්ශබ්දතාවයක් සහ එකිනෙක අතර බලාගැනීමක් සිදුවිය .

.
.
.


වෙන්ටර්ගේ ප්‍රතිචාරය  සිනහවක් පමණක් විය .

පසුව රෝජෙර් බිංහම් වෙනත් ප්‍රශ්න ඇසීමෙන් මෙම විෂය මගහැරින  .ඩෝකින්ස් ගේ කතාවට වෙන්ටර් විසින් පිළිතුරක් දුන්නේ නම් තව දුරටත විවාදය උණුසුම් වීමට තිබුණි .වෙන්ටර් විසින්ම එයට පිළිතුරක්ද දීමට තිබුණි,තව ප්‍රශ්න මොකටදැයි සිතා වෙන්ටර් නිශ්ශබ්ද වී සිටිය යුතුයි .

ඩෝකින්ස් ගේ මෙම ප්‍රකාශය මහා බොරුවක්(Whopper) යැයි Evolutionary News අඩවිය පවසයි

ඒ ඇයිද යත් ස්වල්ප මොහොතකට කලින් පැහැදිලිව බැක්ටීරියා වල ජාන කේත වෙනස් අකාරයේ බවත් වෙන්ටෙර් විසින් ප්‍රකාශ කරනලදී .ඔහුගේ පර්යේෂනයම මෙම Mycoplasma බැක්ටීරියා විශේෂය ගැනය .නමුත් ඩෝකින්ස් ද වෙනත් දෙයක් පවසනවා .ඒ දෙකෙන් මෙකක්ද නිවැරදි ?

ඒ කෙසේ වෙතත් වෙන්ටර් ගේ ප්‍රකාශනයෙන් සියල්ලම භීතියට පත්වෙන්නට ඇති


මෙම විවාදයේ වැදගත් යැයි හැගෙන ප්‍රකාශයන් දෙකකට මගේ ඇස ගැටුණි


  1. ජීවීන්ගේ ආරම්බයේදීම සංකීර්ණයෙන් සහ සම්පුර්ණයෙන් තිබු බවත් මේක හරියට ගුප්ත දෙයක් බවත්අරම්බක ජීවින් වෙනත් ග්‍රහලෝකයකින් පැමිණ ඇතිබවත්ය ( ක්‍රිෂ් මැකේ NASA Ames Research Center)
  2. ජීවීන්ගේ ආරම්භය අපට සොයා ගැනීමට නොහැකියාව පිළිගන්න බවත් ,ආරම්භක තත්වයන් වෙනත් ග්‍රහ ලෝකයකදී ඇති කර පර්යේෂණ කලොත් පමණි අපට ජීවීන්ගේ ආරම්භය ගැන සෙවිය හැක (වෙන්ටර් )

දැනුමට හොද ආහාරයක් වූ මෙම විවාදයේ පළමු කොටස පහතින් දැක්වේ .
(වෙන්ටර් ඩෝකින්ස් ගේ ඉහතින් දැක්වූ දෙබස 8.48 වෙනි මිනිත්තුවේ සිට බැලිය හැක )




රූහ් නැමති ආත්මය ගැන(යුදෙව්වන් වන )ඔවුන් ඔබගෙන් විමසන්නෝය .එයට ඔබ "එය මගේ හිමිගේ අණ මගින් ඇති වුවක්ය .(ඒ ගැන )ඉතාමත් ස්වල්ප දැනුමක් මිස ඔබට දෙන ලැබුවේ නැත .(එබැවින් එහි ගැබුරු අර්ථය ඔබට දන ගැනීමට නොහැකිය )"යි කියනු මැනව !(අල්කුර්ආන් 17 ;85 )


අල්ලාහ්  දෙවිදුන් අප සැමව  යහමග යවත්වා.
 අල්ලාහ් දෙවිදුන් සියල්ල දනී

References:
1. The Great Debate - What is life? (part 2 of 3). link
2. The Great Debate - What is life? (part 3 of 3). link
3. Venter vs. Dawkins on the Tree of Life -- and Another Dawkins Whopper. link

ඉස්ලාමය තුල කාන්තා නිදහස ...... ඔබේ ප්‍රශ්න වලට අපෙන් පිළිතුරක්

අසිමීත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ් ගේ නාමයෙන් ආරම්භ කරමි.


සහෝදරවරුනි මේ වන විට අන්තර්ජාලයේ තිබෙන්නාවු සමහරක් අඩවි කිසිම වගකීමක් නොමැතිව ජාතිවාදයේ නාමයෙන් ඉස්ලාම් ආගමට පහර ගසමින් සිටී. ඔවුන්, ඔවුන්ට ඉස්ලාම් ආගම පිළිබඳව පවත්නා ගැටලු වලට අපෙන් විමසීමක් කලහොත් අපට හැකි උපරිමයෙන් අප ඔවුන්ට ඒ පිළිබඳව පැහැදිලි කර දෙන්නෙමු. නමුත් ඔවුන්, ඔවුන්ගේ තනිමතයට  කිසිම වගක් නැතිව ප්‍රකාශ කරනු ලබන දේවල් වලට පිළිතුරු බදින්නට අපට අවශ්‍ය නැත. එයට හේතුව මෝඩයන් සමඟ විවාද වලට යැමේන් වැලකීම යන ප්‍රතිපත්තිය අප අනුගමනය කිරීමයි.


නමුත් මෑතකදී අප සහෝදර බෞද්ධ මිතුරෙකු මාර්ගයෙන් අපට  ඊ මේල් පණිවුඩයක් ලැබුණි. ඒ පිළිබඳව  පැහැදිලි කර දෙන මෙන් අප සහෝදර බෞද්ධ මිතුරා  අපගෙන් ඉල්ලා සිටි බැවින්. එම ඊ මේල් පණිවුඩය පිළිබඳව පැහැදිලි කර දීමේ අරමුණින් මෙම ලිපිය ලියන්නෙමු.


කියවන්නන්ගේ පහසුව පිණිස කතුවරයාගේ අදහස ඉදිරිපත් කර ඉන් පසු අපගේ අදහස ඉදිරිපත් කරන්නෙමු.


කතුවරයා මෙම ලිපිය මූලික වශයෙන් කොටස් දෙකකට  එනම්.


*ස්ත්‍රී ප්‍රජනන චර්ම චෙදනය :කතුවරයාට අනුව කාන්ත සුන්නත්: [ Female Genital Cutting]
හා

*ඉස්ලාමය හා කාන්තා නිදහස පිළිබඳව..... යනුවෙන් කොටස් දෙකකට බෙදා විස්තර දක්වයි.


***********අප දැන් එකින් එක විමසා බලමු*******************


පලවැනි කොටසේදී කතුවරයා පහත සඳහන් ඔහුගේ අදහස හා තවත් සබැඳියක් උපුටා දක්වයි.

................කතුවරයාගේ අදහස

1. මුසල්මානු ගෝත්‍රික විවාහයක් වලංගු වන්නේ තවත් එම ගෝත්‍රික අයෙක් සමඟ පමණි. එනම් කාන්තාව අනිවාර්‍යයෙන් මෙතෙක් සිය සම්පූර්ණ අතීතය වල දැමිය යුතුය, එනම් තමාගේ සිංහල අන්‍යතාවය මරා දැමිය යුතුමය. විවාහ වයසේදී මුස්ලිම් නමකින් නැවත ඉපදිය යුතු වන්නේ නව හැඳුනුම් පතක් පවා සමගිනි. හෙළ නෑ සිය පරපුර සියල්ල සදහටම අහිමි වීම සිදු නොවුනොත් එය පුදුමයකි.

2. කායික වශයෙන් මෙය හිතන තරම් ලේසි කටයුත්තක් නොවේ. මුස්ලිම් ගෝත්‍රය, කාන්තා සුරතාන්තය සහමුලින් ප්‍රතික්ශේප කරන්නේ, ඒ පිළිබඳ ඊර්ෂ්‍යා සහගතවය. එයට ඔවුන්ට අති බිහිසුණු පිළියම් ඇත. හිරි වැට්ටීම් සිහිනයක් පමණි. යෝනි විවරයේ ඉහලින් ඇති වඩාම සංවේදී කොටස වන භග ශිෂ්ණිකාව (Clitoris) අමු අමුවේ කපා ඉවත් කිරීමට මුහුණ දිය යුතු වන්නේ
අනිවාර්‍ය අවශ්‍යතාවක් ලෙසයි. බලන්න එය කරන විවිධ ආකාර.

..............සබැඳියට මෙතැනින් යන්න


ඉහත ප්‍රකාශ දෙක ලෙස විමසිමත්ව බැලීමේදී අපට පෙනී යන්නේ කිසිම වගකීමක් නැතිව කතුවරයා ඔහුගේ මන:කල්පිත අදහස ඉතා පහත් ලෙස ප්‍රකාශ කිරීමක් පමණී. අප එලෙස පැවසීමට හේතුව කතුවරයා මෙහිදී කිසිදු මුලාශ්‍රයක් හෝ  සාක්ෂියක් ඉදිරිමත් නොකරයි.මෙම අදහස ප්‍රාථමික ශ්‍රේණියේ ළමයෙකු ඔහුගේ හිතේ මැවෙන සුරංගනා අදහස් අනුව රචනාවක් ලිවීම වැනිය. එකම වෙනසකට තිබෙන්නේ කතුවරයා ඉතා පහත් ලෙස අන්‍ය ආගමිකයන්ට පහර ගහමින් මෙම මන්:කල්පිත රචනාව ලිවීමයි.


ඉහත සඳහන් සබැදිය ගැන අපගේ අවධානය යොමු කලහොත්... කතුවරයා එහි පින්තූර ටිකක් අමුණා සිටී. එම පින්තූර දෙස බැලීමේදී,


1 වන : පින්තුරයෙදී පිරිමි ළමයෙකු හඬමින් සිටී. වටේ සිටින අය ඔහුට යම් වෛද්‍ය ප්‍රතිකාරයක් කරන බව අපට පෙනේ. මෙම පින්තූරය ඉදිරිපත් කරමින් ඉස්ලාම් දහම කුරිරු යැයි යම් කෙනෙකු තර්ක කරනවානම්. එය "කොහෙද යන්නේ මල්ලේ පොල්" වැනි කතාවකි.


2 වන : පින්තූරයේ අපට පෙනෙන්නේ හඬමින් සිටින අප්‍රිකානු කුඩා දරුවෙකු හා බ්ලේඩ් තයක් අතේ සිටින පුද්ගයෙක්. මෙහි සිටින එම කුඩා දරුවා හෝ බ්ලේඩ් තලය අතින් ගෙන සිටින පුද්ගලයා මුස්ලිම් ජාතිකයින් බව කොතැනකවත් සටහන් නොවේ. අප්‍රිකානු රටවල ඔවුන්ගේ නොදියුණු සංස්කෘතිය නිසා මෙවැනි අමානුශික ක්‍රියා සිදුවෙමින් පවතී. එයට හේතුව ඉස්ලාම් යැයි කතුවරයා අදහස් කරනවානම් එය කිසිම පදනමක් නැති හුදෙක් වෛරිසහගතව ප්‍රකාශ කරනු ලබන බොල් අදහසකි.


3 වන : පින්තූරයේදී මුස්ලිම් ජාතික කාන්තාවක් ළඟ සිටින කුඩා ගැහැනු ළමයෙකු හඬමින් සිටී. කුඩා ළමුන් ඕනෑම සුළු දෙයකටත් අඬයි. එය කුඩා ළමුන්ගේ ස්වභාවයයි. මෙම කුඩා ළමයා අඬන්නේ ඉස්ලාම් දහම නිසා යැයි කතුවරයා අදහස් කරයි නම් ඔහුගේ බංකොලොත්බව මෙයින් පෙන්නුම් කෙරේ.


4 වන : පින්තූරය ස්ත්‍රී ප්‍රජනන චර්ම ඡෙදනයට [ Female Genital Cutting] විරුද්ධ පෝස්තරයකි. එහි කිසිම තැනකදීවත් ඉස්ලාම් දහම ගැන සඳහන් වී නොමැත.


5 වන : පින්තූරයෙදී තරුණ කාන්තාවක් අඬමින් සිටී. පෙනන පරිදී වෛද්‍ය වරයෙකු ප්‍රතිකාර කරමින් සිටී. මෙම පින්තූරයෙත් ඉස්ලාම් දහමට සම්බන්ධයක් නොමැත.


6 වන පින්තූරයෙදී පෙනන පරිදි රෝහලක සිටින කුඩා දරුවෙකු අඬමින් සිටී. දරුවා වටේ ඔහුගේ\ඇයගේ දෙමව්පියන් සිටී. මුස්ලිම් ජාතික දරුවෙකු රෝගාතුර වීමට නොහැකිද? රෝගාතුර වූයේනම් එයටත් හේතුව ඉස්ලාම් ද?


ඒ අනුව ඉහත පින්තූර සියල්ල අධ්‍යනය කිරීමෙන් අපට හැඟී යන්නෙ මෙම කිසිම පින්තූරකවත් ඉස්ලාම් දහම පිළිබඳව හෝ ඉස්ලාම් දහම කුරිරු ලෙස පෙන්වන පින්තූර නොවේ. හුදෙක්ම කතුවරයාට අවශ්‍ය වී  තිබෙන්නේ කියවන්නන්ට ඉස්ලාම් දහම පිළිබඳව  වැරදි ආකල්ප ඇති කිරීමයි.


ඉන්පසු එම සබැඳියේ කතුවරයාගේ අදහස් වෙත යොමු වුවහොත් එහිදී  කිසිම තැනකදීවත් කතුවරයා සදහන් කල පරිදි  ඉස්ලාම් දහම ස්ත්‍රී ප්‍රජනන චර්ම ඡෙදනය  කළයුතු යැයි ඉස්ලාම් දහම නියෝග  කරන බවට සාක්ෂි ඉදිරිමත් කර නොමැත. හුදෙක්ම කතුවරයා ඔහුගේ මන:කල්පිත ඉතා පහත් අදහස පමණක් ඉදිරිපත් කරයි. අන්තර්ජාතික වශයෙන් පවත්වාගෙන යනු ලබන ලෝ ප්‍රකට අන්තර්ජාල විශ්වකෝශයක් වන wikipedia.org හි කාන්තා ප්‍රජනන චර්ම ඡෙදනය [Female Genital Cutting] යන මාතෘකාව යටතේ ආගමික ආකල්ප [Relegious  Views on Female Genital Cutting] යන උප කොටසේ ඉස්ලම් දහමේ යටතේ මෙසේ දක්වයි

In Islamic texts, FGC is referred to as khafḍ (Arabicخفض‎)[18] or khifaḍ[19] (Arabicخِفَض‎). According to McAuliffe, female genital cutting is not commanded by the Qur'an, "






ඒ අනුව අවසාන  වශයෙන් පවසන්නට තිබෙන්නේ වෙනත් ආගම් තුළ  ස්ත්‍රී ප්‍රජනන චර්ම  ඡෙදනය : කතුවරයා සදහන් කල පරිදි  [Female Genital Cutting] පැවතියද  ඉස්ලාම දහම අනුව එය අනුමත කල ක්‍රියාවක් නොවේ.  






පුරුෂ චර්ම ඡෙදනය [Circumcision]  පිළිබඳව කෙටියෙන් හැඳින්වීමක් කළහොත්. මෙම ක්‍රියාව ඉස්ලාමය විසින් අනිවාර්ය කල ක්‍රියාවක් නොවේ. එලෙසම පුරුෂ චර්ම ඡෙදනය [Circumcision] කිරීමෙන් අපෙ සෞඛයට යහපතක් සිදුවන බව එදා ඉස්ලාමය පැවසු දේ. අද වෛද්‍ය වරුන් විසින් පවසනු ලබයි. wikipedia.org අඩවියේ AIDS යන මාතෘකාව යටතේ වැළැක්වීම[Prevention] යන උප කොටස යටතේ මෙසේ සඳහන් කරනු ලබයි.  





"Randomized controlled trials have shown that male circumcision lowers the risk of HIV infection among heterosexual men by up to 60%."




එනම් පුරුෂ චර්ම ඡෙදනය [Circumcision]  කිරීමෙන් රෝගය වළක්වා ගැනීමේ හැකියාව වැඩි වන බවයි.




පුරුෂ චර්ම ඡෙදනය නිසා  ලිංගික ආශ්වාදය අවම වේ යැයි කෙනෙක් තර්ක කරනවානම් එය කිසිම පදනමක් නැති හුදෙක්ම අසත්‍ය  ප්‍රකාශයකි. වර්තමානයේ අන්‍ය ආගමිකයින් බෝහෝ ප්‍රමාණයක් පුරුෂ චර්ම ඡෙදනය කරගනී.පුරුෂ චර්ම ඡෙදනය  සෞඛයට යහපත් බව මෙයින්ම පෙනි යයි. 


************************************************************************



අප දැන් දෙවැනි කාරණය  පිළිබඳව අපගේ අවධානය යොමු කරමු.

......................කතුවරයාගේ අදහස

3. සිහි සුන් වන තරම් වේදනාකාරී මෙම ආගමික සුන්නත් කිරීමට ඔබව මෙල්ල කරන හැඩි දැඩි මුස්ලිම් පිරිමි රාශියට ඔබගේ රහසඟ තව දුරටත් රහසක් නොවේ. රෙද්දකින් මුහුණ වසාගෙන මිසක් ඉන්පසු ජීවත් විය හැකිද?

4. බැන්දාට මොකද කිසි දිනක උපරිම තෘප්තියක් කාන්තාවට අහිමිය. විවාහ වූ ගෝත්‍රිකයා අ
දෙන ඕනෑම මොහොතක කීකරු විය යුතුය, නැතිනම් පහර දීමට ශුද්ධ වූ කුරාණයේ නියමයයි. මොහොමඩ් ගේ සොයාගැනීම් ය.

 ඉහත සඳහන් කතුවරයාගේ අදහස අනුව බිරිඳ සැමියාට කීකරු විය යුතුයි. එලෙසම සැමියාද බිරිඳට කීකරු විය යුතුයි. ඉස්ලාමය පවසා තිබෙන්නේ එයයි.කාන්තාවන්ට පහරදීමක් ගැන කතුවරයා සඳහන් කරනවා.අප ඔහුට අභියෝග කරනවා එම ප්‍රකාශය උපුටා ගත් මුලාශ්‍රය දක්වන ලෙස.එමෙන්ම මෑතකදී අප රටේ ජනප්‍රිය නිළියකට ඇයගේ සැමියා විසින් පහර දුන්නා. ඔහු කුමන ආගමක් අදහන පුදගයෙක්ද කියල අහන්න කැමති කතුවරයාගෙන්.


......................කතුවරයාගේ අදහස

5. ඉන්පසු සිය හොඳින් පෙනෙන ඇස් පවා ඝන රෙද්දෙන් වැසෙන සේ හිජාබය ඇඳ, රෙද්දේ නූල් විවීම අතරින් ලෝකය බැලීමට පුරුදු විය යුතුය. මදක් සිතා බලන්න, පෙර කල කුසළ බලයෙන් ඔබ අඳ නොවී ඉපදුනත්, දිට්ඨධම්ම වේදනීය විපාක වශයෙන් ඔබගේ පෙනීම දුර්වල වූවායයි එවිට ඔබ අවබෝධ කර ගත යුතු වන්නේය. ලොවේ සාමාන්‍ය ජනයා, යන්තම් සුද මතුවූ විට ඇස් වහාම ශල්‍ය කර්ම මගින් නිවැරදි කර ගනිද්දී, ඔබ, ඇස මතුපිට කළු පටලයක් මැරෙන තුරු පැළඳිය යුතු වන්නේය.




මුහුණ වැසෙන පරිදි හිජාබය ඇදීම ඒ ඒ පුද්ගයන්ගේ කැමැත්තක් මිසක් කිසිවිටකත් ඉස්ලාමය මුහුණ වැසෙන ලෙස හිජාබ් අඳින ලෙස නියෝග කර නැත.මුහුන නොවැසන පරිදි හිජාබය  ඇදීමත් ඉස්ලාමය නිර්දේෂ කර තිබෙනවා මිසක් අනිවාර්‍ය කර නැත. ඉස්ලාමය කාන්තාවන්ත මෙන්ම පිරිමින්ටද  පවසන්නේ ශිෂ්ඨ සම්පන්න ලෙස ඇඳුම් අඳින ලෙසයි.




......................කතුවරයාගේ අදහස

6. විවාහක ගෝත්‍රිකයාට ඔබ සැමදා නැවුම් නොවේ, වරින් වර ඔහුට 4 ක් දක්වා තව මනුෂ්‍ය ප්‍රේතියන් ලබා ගත හැක. එයට ඔබගේ අනුමැතිය අවශ්‍ය නොවේ. ඔහු ඔබ නිදනා වහලය යටම, තව කාන්තාවක් සමඟ රමණයේ යෙදෙද්දී එය නොහඬා ඉවසිය යුතුය. අනවශ්‍ය ප්‍රශ්න ඇති කර ගැනීම නුවනට හුරු නොවේ.


පුරුෂයෙකු විවාහ හතරක් අනිවාර්‍යයෙන් කළයුතු යැයි ඉස්ලාමය පවසා නැත. එමෙන්ම එය ඉතා සංකීර්ණ නිතී මාලාවකින් යුක්තයි.ඒ නිසා ඒ පිළිබඳව හොඳට අවබෝධ කරගෙන තමන්ගේ අදහස ප්‍රකාශ කරන ලෙස කතුවරයාගෙන් ඉල්ලා සිටිමු.එමෙන්ම කතුවරයා මෙහිදී ඔහුගේ මන:කලිපිතයන් ඉතා ඉහලින්ම යොදා ගෙන ඇත.



......................කතුවරයාගේ අදහස


7. ඔබ කිසිම ආකාරයකින් විවාහක ගෝත්‍රිකයා ප්‍රකෝප වන සේ කථා නොකල යුතුය. ඔහු "තලාක්" යයි තුන් වරක් හඬ නැගීමෙන් ඔබ දික්කසාද වන්නේ ඔබ උඩ බිම බැලීමටත් පෙරය. විවාහයත් සමඟ සියල්ල අහිමි වූ ඔබට කිසිදු හව් හරනක් නැත.

8. ඔබව යම් කල හෝ නොකල වරදකට ෂාරියා නීතිය යටතේ සම්පූර්ණ වැරදි කාරිය කිරීමට
ගෝත්‍රික
ඔහුට අවශ්‍ය වන්නේ ශාක්ෂි 4 ක් පමණි. ඔබගේ ඉරණම එයින්ම විසඳෙයි, බලන්


9. හදිස්සියේ හෝ එසේ විවාහක ගෝත්‍රිකයාට එම ශාක්ෂි 4 සොයා ගැනීමට නොහැකි වූවා යයි සිතන්න. එවිට ඔබ ආරක්ෂිතයි කියා ඔබ සිතනවාද?. එසේ නම් පහත කුරාණ පාඨයත් කියවා නුවන වඩා ගන්න.





මෙහිදී කතුවරයාගේ අදහස ඔහු ඉදිරිපත් කල කුර්ආන් වැකියෙන්ම වැරදි බවට ඔප්පු කරයි.නමුත් පරාජය බාරගැනීමට අකැමති කතුවරයා පහත ප්‍රකශය සිදුකරයි.



......................කතුවරයාගේ අදහස

10. 24/8 හා 24/9  අනුව කාන්තාවටත් අවස්ථාවක් ඇතැයි ඔබට පෙනෙනු ඇත. ඔව්, පොතට පමණි. ඔබ මුස්ලිම් ගෝත්‍රයටම පිටින් ආ දෙවන පන්තියේ පුරවැසියෙක් පමණි. එවිට ඔබ පස් වාරයක් දිව්රීම ඔවුන් සියල්ල එකතු වී පහසුවෙන් වලකයි. එවිට ඔබ මිය යා යුත්තේ බෙල්ල තෙක් වලලා හිස පොඩි වන තෙක්  ඔබගේ විවාහක ගෝත්‍රිකයා හා ගෝත්‍රික නඩයේ සියල්ල  එකතු වී දෙන ම්ලේච්ඡ ගල්  ප්‍රහාරයෙනි.




මෙම සමස්ත ලිපියේ කිසි තැනකදීවත් ඉස්ලාමයේ යම් වැරද්දක් තිබෙන බවට ඔප්පු කිරීමට කතුවරයා අසමත් වී තිබේ.ලිපිය පුරාම ඔහු කර තිබෙන්නේ කුඩා ලමයෙකු මෙන් ඔහුගේ මන:කල්පිත සුරංගනා අදහස් හා බොල් තර්ක  යොදාගෙන  ඉස්ලාම් දහම පිළිබඳව වැරදි මතයක් අන්‍ය ආගමිකයින් තුළ ඇතිකිරීම සඳහා රචනාවක් ලිවීමයි.


මිනිසෙකු යහපත් මාර්ගයේ යායුතු නම් ඔහුට  ඔහුගේ  මරණය දක්වා නිවැරදි මඟපෙන්වීමක් ලැබිය යුතුයි. ඉස්ලාම් දහමෙන් සිදුවන්නේ එම නිවැරදි මඟපෙන්වීම ලබාදීමයි.ඉස්ලාමය මතුපිටි සිට බලනවාට වඩා ඇතුලට පැමිණ බලන්න. ඉස්ලාම් දහම පිළිබඳව තිබෙන ඔබගේ වැරදි ආකල්ප ක්ෂණිකයෙන් නැති වී යනු නොඅනුමානයි. සමහරක් මුස්ලිම් වරුන් විසින් කරනු ලබන වැරදි වලට මුළු දහමටම දොස් පැවරීම සාධාරණ නැත. අන්‍ය ආගම් වලද වැරදි කරන මිනිසුන් සිටී.


ගෞතම බුදුරජාණන් වහන්සේගේ දේශනා වලට අනුව  හොඳ බෞද්ධයෙක් අන්‍ය ආගමික ශාස්තෘවරුන්ට හා අන්‍ය ආගමිකයන්ට ගෞරව කලයුතුයි. නමුත් කතුවරයාගේ මෙම ලිපිය කියවීමේදී ඔහු හොඳ බෞද්ධයෙක් ද යන්න අප තුල සැකයක් මතුවෙයි.



හිත මිත සහෝදර කතුවරයාණෙනි, අප ගෝත්‍රිකයන් නොවේ අපද ඔබලා වගේ ශිෂ්ඨ සම්පන්න සමාජයක් වෙමු.අප ඔබටත් ඔබේ ධර්මයටත් ගරු කරන්නෙමු. එලෙස අපටත් ගරු කරන ලෙස ඉල්ලා සිටිමු.


සියලු ප්‍රශංසා අල්ලාහ්ටය!!!
For more visit ඉස්ලාම් පවසන චර්ම ඡේදනය හා සමාජ සම්ප්‍රදාය තුල කාන්තාව
References:
1.සහෝදර එකමුතුව

ඉස්ලාමයෙහි සත්‍යතාවය සඳහා සාදක කිහිපයක් II

මිනිස් කළල විකසනය පිළිබඳව අල් කුර්ආනයෙන්

ශුද්ධ වූ අල් කුර්ආනය මඟින් මිනිස් කළල විකසනයේ විවිධ අවධීන් පිළිබඳව දෙවියන්වහන්සේ
මෙසේ සඳහන් කරයි.

අප මිනිසාව මවන ලද්දේ මැටි නිස්සාරණයකිනි. පසුව අප එය යම්
ස්ථානයක තදින් සවි වූ බිඳුවක් කලෙමු. පසුව මෙය අලකාහ් (කුඩැල්ලා,
අවලම්බනය වූ ද්‍රව්‍ය, රුධිර කැටිය) තත්වයට පත් කළෙමු. ඉන්පසු එම
කළලය මුද්ගාහ් අවස්ථාවක් (සපන ලද ද්‍රව්‍යක්) බවට පත් කළෙමු.1
(අල් කුර්ආනය 23: 12-14)
අරාබි භාෂාවෙන් අලකාහ් යන්නට අර්ථයන් තුනක් ඇත.
01. කූඩැල්ලා
02. අවලම්බනය වූ ද්‍රව්‍ය
03. රුධිර කැටිය යන්නයි

  මිනිස් කළල විකසනයේ අලකාහ් අවධිය කුඩැල්ලෙකුට සංසන්දනය කළ විට ඒ දෙක අතර සාමානත්වයක් පහත 01 රූපයේ ආකාරයට දක්නට හැක.2 එසේම මෙම අවස්ථාවේ කළලය මවගේ රුධිරයෙන් පෝෂණය වන අතර එය කූඩැල්ලෙකු,කෙනෙකුගේ රුධිරයෙන් පෝෂණය වීම හා සමානය.3

   අලකාහ්හි දෙවැනි අර්ථය වන " අවලම්බනය වූ ද්‍රව්‍යයම" ගත් කළ එය පහත 2 හා 3 රූප වලින් පෙනෙන ආකාරයට මවගේ ගර්භාශයේ අවලම්බනය වූ ද්‍රව්‍යයක් ලෙස පවතී.

01 රූපය
මිනිස් කළල විකසනයේ අලක් අවස්ථාව හා කූඩැල්ලෙකු අතර ඇති සමානත්වය පෙන්නුම්
කිරීමට අඳින ලද රූපය.  (Leech drawing from Human Development as Described in the
Qur’an and Sunnah, Moore and others,පිටුව . 37, modified from Integrated Principles of
Zoology, Hickman and others. Embryo drawing from The Developing Human, Moore and
Persaud,5වන සංස්කරණය, පිටුව 73


02 රූපය
මවගේ ගර්භාශයේ අවලම්බනය වූ ද්‍රව්‍යයක් ලෙස පවතින කළලය.
(The Developing Human,Moore and Persaud 5වන සංස්කරණය, පිටුව 66)

   අලකාහ් හි තුන්වන අර්ථය "රුධිර කැටිය" යන්නයි. මෙහිදී කළලයේ බාහිර පෙනුම හා එහි ආවරණය, රුධිර කැටියකට සමානය. මෙයට හේතුව මෙම අවස්ථාවේදි සාපේක්ෂව අති විශාල රුධිර ප්‍රමාණයක් එහි අන්තර්ගතව තිබීමයි.(4 රූපය) තවද මෙම පියවරේදි කළලය එහි තුන්වන සතිය අවසාන වන තෙක් කිසිඳු රුධිර සංසරණයක් සිදු නොකරයි. එබැවින් කළලයේ අලකාහ් අවස්ථාව රුධිර කැටියකට සමානය.
 
04 රූපය:
අලක් අවස්ථාවේදී කළලයේ ඇති ප්‍රාථමික රුධිර සංසරණ පද්ධතිය රූපයෙන් දැක්වේ. කළලයේ
පිටත පෙනුමත්, එහි ඇති ආවරණයත්, කළලයේ  සාපේඬව අධික ප්‍රමාණයක් රුධිරය අඩංගු බැවින් රුධිර 
කැටියකට සමාන වෙයි.
(TheDeveloping Human, Moore,5වන සංස්කරණය, පිටුව 65.)
 එබැවින් අලකාහ් යන වචනයේ අර්ථ තුනම
කළල අවස්ථාවට මනාව ගැලපේ. 

        ඉන්පසුව ඇති පියවර ලෙස කුර්ආනයේ සඳහන් වන්නේ මුද්ගාහ් අවධිය ලෙසයි. මෙම අරාබි වචනයේ අර්ථය වන්නේ "විකනලද ද්‍රව්‍යයක් " යන්නයි. යමෙක් චුවිංගම් එකක් කටේ දමා සපා එය පිටතට ගෙන කළල අවස්ථාව සමඟ සංසන්දනය කළවිට, මුද්ගාහ් පියවරේ ඇති කළලය විකනලද ද්‍රව්‍යයයේ හැඩයට සමාන බව පෙනීයයි. මෙයට හේතුව කළලයේ පිටුපස ඇති කශේරුකා, විකන ලද ද්‍රව්‍යයයේ දත් සලකුණු වල හැඩයට සමාන වීමයි. (5 සහ 6 රූප සටහන)               

    එසේනම්, දැනට වසර දහ හතරදාහකට පෙර මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම්  තුමා මෙය දැන සිටියේ කෙසේද? දක්‍ෂ විද්‍යඥයින් පවා මෑතකදි මේවා සොයා ගන්නා ලද්දේ වසර වසර දහ හතරදාහකට පෙර නොතිබුණු දියුණු තාක්ෂණික  උපකරණ හා සියුම් අන්වීක්‍ෂ  භාවිතා කරමිනි.

 
05 රූපය:
මුද්ගාහ් අවධියේ ඇති කළලයක ඡායාරූපය (දින 28ක් වයසැති) මෙම
අවධියේදී කළලය විකන ලද ද්‍රව්‍යයක ස්වරූපය ගනියි. හේතුව මේ අවධියේදී
කළලයේ කශේරුකා පෘෂ්ඨය විකන ලද ද්‍රව්‍යයක ඇති දත් සළකුණු වලට
තරමක් සමාන හැඩයක් ගැනීමයි. මේ අවධියේ කළලයේ ප්‍රමාණය 4mm වේ.
(The Developing Human, Mooreand Persaud 5 වන සංස්කරණය, පිටුව 82 from Professor Hideo
Nishimura, Kyoto University,Kyoto, Japan.)
 
 06 රූපය:
මුද්ගාහ් අවධියේ ඇති කළලය, විකූ චුවිංගම් කැබැල්ලක් හා සංසන්දනය
කළ විට එම ස්වරූප දෙකෙහි සමානතා අපට හඳුනාගත හැක.
A මුද්ගාහ් අවධියේ ඇති කළලයක රූප සටහන. මෙහි කෂේරුකා පෘෂ්ඨයෙහි
හැඩය දත් සළකුණු වලට සමානය.(TheDeveloping Human, Moore and
Persaud, 5වන සංස්කරණය, පිටුව 79)
B විකූ චුවිංගම් කැබැල්ලක ඡායාරූපය.

    හැම් සහ ලියුවැන්හොක්(Hamm & Leeuwenhoek)­ මිනිස් ශුක්‍රාණු සෛල පිළිබද මුලින්ම නිරීක්‍ෂණය  කළ විද්‍යාඥයින් දෙදෙනා වන අතර මේ සඳහා වැඩිදියුණු කළ අන්වීක්‍ෂ  යොදා ගන්නා ලදී. මෙසේ කරන ලද්දේ ක්‍රි.ව. 1677 දීය. එනම් මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම් තුමාගේ කාලයේ සිට වසර 1000කට පමණ පසුවය. නමුත් ඔවුන් පැවසුවේ, ශුක්‍රාණුව යනු මිනිස් කළලයේ ඉතා කුඩා අවධිය බවත්, එය ස්ත්‍රි ප්‍රජනන පද්ධතියට ඇතුළු පසු වර්ධනය වන බවත් යනුවෙනි. ඔවුන් එය වරදවා වටහා ගන්නා ලදී. 7  

     මහාචාර්ය එමරිටස් කීත් එල්. මුවර්, කළල විද්‍යාව හා කායව්‍යවච්ඡේදය පිළිබඳ මුළු ලොවේම ප්‍රසිද්ධියක් දරාසිටින විද්‍යාඥයකි. ඔහු The Developing Human නම් ග්‍රන්ථයේ කතුවරයා වන අතර එය දැනට භාෂා අටකට පරිවර්ථනය කර ඇත. මෙය විද්‍යාත්මක නිර්දේශනයක් වන අතර ඇමෙරිකාවේ විශේෂ නියෝජිත මණ්ඩලයක් විසින් මෙය තනි පුද්ගලයෙකු විසින් රචනා කරන ලද උත්කෘෂ්ට ග්‍රන්ථයක් බවට තෝරා ගන්නා ලදි. මොහු කායව්‍යවච්ඡේදය හා සෛල විද්‍යාව පිළිබද කැනඩාවේ ටොරන්ටෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකි. ඔහු වෛද්‍ය පීඨයේ සහකාර පීඨාධිපති ලෙසද කායව්‍යවච්ඡේද අංශයේ සභාපති ලෙස වසර 8 ක් සේවය කර ඇත. 1984 දී කැනඩාවේ කායව්‍යවච්ඡේද සංගමය විසින් පිරිනමන කායව්‍යවච්ඡේද අංශය පිළිබඳව විශිෂ්ටතම සම්මානය වන J.C.B Grant Award නම් සම්මානය ඔහු විසින් දිනා ගන්නා ලදී. ඔහු කැනඩා සහ ඇමරිකා කායව්‍යවච්ඡේදය සංගමය, ජීව විද්‍යා කවුන්සිලය වැනි සංගම් රැසක සභාපති ධූරය හොබවා ඇත. 

1981, සව්දි අරාබියේ දමාම් හි පැවති හත්වන සමුළුවේදි මහාචාර්ය මුවර් මෙසේ පවසා ඇත." මානව  විකසනය සම්බන්ධව අල් කුර්ආනයේ සඳහන් දෑ පිළිබඳව පැහැදිළි ප්‍රකාශයක් කිරීමට ලැබීම ඉමහත් භාග්‍යයක් ලෙස සලකමි. මෙහි අඩංගු ප්‍රකාශනයන් ඇත්තවශයෙන්ම මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම් හට දෙවියන්වහන්සේ විසින් පවසා ඇත යන්න මට ඉතා  පැහැදිළිය. මක්නිසාද මෙම ප්‍රකාශනයන් වක්තෘ මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම් තුමාගේ කාලයේ සිට සියවස් ගණනක්ම යනතුරු සොයාගෙන නොතිබීමයි. මෙයින් ඔප්පු වන්නේ මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම් දෙවියන්වහන්සේගේ පණිවිඩකරුවෙකු බවයි."

    "ඒ කියන්නේ ඔබ, අල් කුර්ආනය දෙවියන්වහන්සේගේ වචන බව විශ්වාසකරනවා යන්නද?" යන්න මෙහිදි ඔහුගෙන් අසන ලද ප්‍රශ්නයකට "ඒ ගැන මට කිසම සැකයක් නැත" 9  යන්නෙන් පිළිතුරු දී ඇත.

        තවත් සම්මන්ත්‍රණයකදී මහාචාර්ය මුවර් මෙසේ ප්‍රකාශ කර ඇත "....... එකිනෙකට අනුයුක්ත විකසනයේදී සිදුවන විවිධ වෙනස්කම් නිසා මිනිස් කළල විකසනය බොහෝ සංකීරණය. එබැවින් මේ සඳහා අල් කුර්ආනයේ හා සුන්නාහ් (මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම් තුමා කියන ලද, කරන ලද හා අනුමත කරන ලද දේ) වල ඇති පද යොදාගෙන නව වර්ගීකරණ ක්‍රමයක් සිදුකළ යුතුයි ".

       යෝජනා කරන ලද ක්‍රමය සරලය එසේම පුළුල්ය. එපමණක් නොව එය වර්තමාන කළල විද්‍යාත්මක දැනුම තහවුරු කරයි. අවසාන සිව්වසර තුළ පහළ වූ කුර්ආන් වැකි හා හදිස් (මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම් තුමා කියන ලද, කරන ලද හා අනුමත කරන ලද දේ පිළිබඳව එතුමාගේ අනුගාමිකයින් විසින් වාර්ථා කරන ලද විශ්වාස කළ හැකි සම්ප්‍රේෂිත වාර්තා) සියුම්ව අධ්‍යයනය කිරීමෙන් මිනිස් කළල විකසනයේ විවිධ අවස්ථා වර්ගීකරණය කිරීමට ක්‍රමයක් හෙළි දරවු කරගෙන ඇති අතර, පුදුමයට කරුණ නම් මේ තොරතුරු සටහන් කර තබා තිබුණේ ක්‍රි.ව. හත්වන සියවසේදී විමයි. 
    
කළල විද්‍යාව සොයාගත් "ඇරිස්ටෝටල්", කිකිළි බිත්තර අධ්‍යයනය කිරීම මඟින් කුකුළු කළලය විවිධ අවදි සහිතව වැඩෙන බව ක්‍රි.පූ හතරවන සියවසේදී නිරීක්‍ෂණය  කර තිබුණත්, මෙම විවිධ අවධි පිළිබඳව කිසිඳු විස්තරයක් සඳහන් කර නොතිබුණි . මෙසේ අතීතයේ සිට විසිවන සියවස වන තෙක්, කළල විකසනයේ විවිධ අවස්ථාවන් පිළිබඳවත්, එහි වර්ගීකරණය පිළිබඳවත් දැන සිටි කරුණක් වේ නම් ඒ ඉතා අල්පය. මේ නිසා අල් කුර්ආනයේ ඇති මිනිස් කළල පිළිබඳව විස්තර ක්‍රි.ව. හත්වන සියවසේදී තිබූ විද්‍යාත්මක දැනුම මත පදනම් වූවක් විය නොහැක. එබැවින් මේ සඳහා දිය හැකි සාධාරණ නිගමනය වන්නේ: අකුරු ලිවීමට හෝ කියවීමට නොදත් කිසිඳු විද්‍යාත්මක පුහුණුවක් නොලද මුහම්මද්සල්ලල්ලාහු අලයිහිවසල්ලම් තුමාට හෙළි දරව් කරන ලද්දේ දෙවියන්වහන්සේ විසින්ය යන්නයි. 10


reference,
  1. මෙහි ඇත්තේ අල් කුර්ආන් වදන්වලි පරිවර්තනයක් පමණක් බව සලකන්න. සත්‍ය අල් කුර්ආනය ලියා ඇත්තේ අරාබි භාෂාවෙනි. 
  2. The Developing Human, Moore and Persaud, 5 වන සංස්කරණය, පිටුව 8
  3. Human Development as Described in the Qur’an and Sunnah, Moore and others, පිටුව 36
  4. Human Development as Described in the Qur’an and Sunnah, Moore and others, පිටුව 37 ,38
  5. The Developing Human, Moore and Persaud, 5th ed., p. 65
  6. The Developing Human, Moore and Persaud, 5th ed., p. 8.
  7. The Developing Human, Moore and Persaud, 5th ed., p. 9
  8. Note: The occupations of all the scientists mentioned in this web site were last updated in 1997.
  9. The reference for this saying is This is the Truth (videotape).  For a copy of this videotape, please visit this page.    
  10. This is the Truth (videotape).
  11. his is the Truth (videotape).  For a copy, see footnote no. 9.    

ඉස්ලාමයෙහි සත්‍යතාවය සඳහා සාදක කිහිපයක් I

දෙවියන්වහන්සේ විසින්, අවසාන වක්තෘවරයා වූ මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම් තුමාට, බොහෝ ප්‍රාතිහාරයයන් කිරීමේ හැකියාව සහ බොහෝ සාක්ෂි ලබා දෙමින් එතුමා සැබවින්ම දෙවියන්වහන්සේ විසින් එවනු ලැබූ වක්තෘවරයෙකු බව තහවුරු කොට ඇත. එසේම දෙවියන්වහන්සේ තමා විසින් අනාවරණය කරන ලද අවසානතම ග්‍රන්ථය වන ශුද්ධ වූ කුර්ආනයෙහි බොහෝ ප්‍රාතිහාර්යයන් අඩංගු කරමින් එය දෙවියන්වහන්සේගේම වදන් බවට සාධක සපයයි. කුර්ආනයෙහි කතෘවරයා මනුෂ්‍යයෙකු නොවන බවටද සාක්ෂි සපයයි. මෙම පරිච්ඡේදය මඟින් මෙවැනි සාධක කිහිපයක් පිළිබඳව සාකච්ඡා කෙරෙයි.
අල් කුර්ආනයේ සඳහන් විද්‍යාත්මක ප්‍රාතිහාර්යයන්
අල් කුර්ආනය යනු දෙවියන්වහන්සේගේ සත්‍ය වදන්ය. ජිබ්රීල් සුරදූතයා මඟින් මෙම වදන් වක්තෘ මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම් තුමා හට අනාවරණය කරන ලදී. එය මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම් තුමා විසින් වනපොත් කරගෙන, ඔහුගේ අනුගාමිකයින්ට එය ලියා ගැනීම පිණිස කියවන ලදී. ඔවුන් එය පිළිවෙළින් මතක තබා ගෙන විවිධ අන්දමින් සටහන් කර ගෙන, ඒවා මුහම්මද් තුමා සමඟ සමාලෝචනය කර ඇත. එපමණක් නොව මෙම කුර්ආනය මුහම්මද් තුමාද ජිබ්රීල් සුරදූතයා ඉදිරියේ සෑම වසරක් පාසාම පාරායනය කර ඇති අතර එතුමාගේ ජීවිතයේ අවසාන වසරේදී එය දෙවතාවක් පාරායනය කර නිවැරදිතාවය තහවුරු කරගෙන ඇත.

කුර්ආනය ලොවට පහළ වූ දා සිට මේ වන තුරු එහි සෑම අකුරක් පාසාම කට පාඩම් කරගත් මුස්ලිම්වරුන් විශාල සංඛ්‍යාවක් මෙලොව තුළ සිටී. ඒ අතරේ වයස අවුරුදු දහයක් තරම් කුඩා දරුවන් පවා සිටී. එලෙස ශතවර්ෂ ගණනාවක් පසු කළත් අල් කුර්ආනය එකම අකුරක්වත් නොවැරදී, නොවෙනස්ව ඒ අයුරින්ම පවති .

දැනට සියවස් දහ හතරකට පෙර අනාවරණය කළ කුර්ආනයේ සඳහන් සමහර තොරතුරු විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත්තේ ඉතාමත් මෑතකදිය. මේ සොයාගැනීම් මඟින් විද්‍යාමාන වන්නේ කුර්ආනය යනු සත්‍යවශයෙන්ම දෙවියන්වහන්සේගේ වදන් බවත්, එය වක්තෘ මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම් තුමා වෙතට පහළ කළ බවත් එවැනි ග්‍රන්ථයක් රචනා කිරීමට තරම් ඥාණයක් එතුමාට නොතිබුණ හෙයින් එහි කතෘ නොවන බවට ද එතුමා සත්‍යවශයෙන්ම දෙවියන්වහන්සේගේ පණිවිඩකරුවා විය යන්නට හොඳම සාක්ෂිය විය.

මින් ඔබ්බට සිතා බැලුවහොත් අද දින විද්‍යාත්මකව සොයාගත් ඇතැම් කරුණු ගවේශණය කරගන්නා ලද්දේ ඉතාමත් සුක්ෂම  හා දියුණු යන්ත්‍ර උපකරණ මඟිනි. නමුත් නොදියුණු කාලවකවානුවක් වූ දහහතර වන සතවර්ෂයේ සිටි කිසිම කෙනෙකුට මෙවැනිදේ සොයා ගැනීමට කිසිසේත් නොහැකි බව පැහැදිළි වේ.