Showing posts with label විද්‍යාව. Show all posts
Showing posts with label විද්‍යාව. Show all posts

සාගර හා ගංගා පිළිබඳව අල් කුර්ආනයෙන්

එකිනෙකට වෙනස් මුහුදු දෙකක් හමුවන තැනක, එම මුහුදු දෙක අතර බාධකයක් පවතින බව නවීන විද්‍යාව මඟින් සොයා ගෙන ඇත. මෙම බාධකය මුහුදු දෙක වෙන්  කරන බැවින් එක් එක් මුහුදකම එයටම පොදු වූ උෂ්ණත්වයන්, ලවණතාවයන්, හා  ඝනත්වයන් ඇත.1 උදාහරණයක් ලෙස මධ්‍යධරණී  මුහුද ගත් විට එහි ජලය  අත්ලාන්තික් සාගරයේ ජලයට වඩා උණුසුම් වූද, ලවණතාව අධික වූද, අඩු  ඝනත්වයක් ද ඇති ජලය වේ. මධ්‍යධරධෑ මුහුදේ ජලය ගිබ්‍රුල්ටා විවරය මඟින් කිලෝමීටර් සිය ගණනක් දුරටත්, මීටර් දහසක් පමණ ගැඹුරටත් අත්ලාන්තික් සාගරය තුළට ඇතුළු වන්නේ එයටම ආවේනික  උෂ්ණත්වය, ලවණතාවය, හා අඩු ඝනත්වය සහිතවයි .
The Mediterranean water stabilizes at this depth2 (see figure 13).
 

Figure 13 (Click here to enlarge)
Figure 13: The Mediterranean sea water as it enters the Atlantic over the Gibraltar sill with its own warm, saline, and less dense characteristics, because of the barrier that distinguishes between them.  Temperatures are in degrees Celsius (C°). (Marine Geology, Kuenen, p. 43, with a slight enhancement.)  (Click on the image to enlarge it.)
Although there are large waves, strong currents, and tides in these seas, they do not mix or transgress this barrier.
The Holy Quran mentioned that there is a barrier between two seas that meet and that they do not transgress.  God has said:
 
එකට එකතුවන සමුද්‍රයන් දෙකම ඔහු හමුවන්නට සැලැස්සුවේය .නමුත් ඒවා අතර එක් බාධකයක් ඇත .(එම බාධකය )එම සමුද්‍රයන් දෙකම ඉක්මවා නොයන්නේය (Quran, 55:19-20)
But when the Quran speaks about the divider between fresh and salt water, it mentions the existence of “a forbidding partition” with the barrier.  God has said in the Quran:
ඔහු මුහුදු දෙකෙහිම ජලය එකට එකතු කරන්නේය .එයින් එකක් ඉතාමත් රසවත් ජලයයි .අනිත් එක ලුණු හා තිත්ත රසැති ජලයයි .මේ දෙක අතර වෙනස් කල නොහැකි බාධකයක් ඇති කර ඇත්තේය  (Quran, 25:53)
One may ask, why did the Quran mention the partition when speaking about the divider between fresh and salt water, but did not mention it when speaking about the divider between the two seas?
Modern science has discovered that in estuaries, where fresh (sweet) and salt water meet, the situation is somewhat different from what is found in places where two seas meet.  It has been discovered that what distinguishes fresh water from salt water in estuaries is a “pycnocline zone with a marked density discontinuity separating the two layers.”3  This partition (zone of separation) has a different salinity from the fresh water and from the salt water4 (see figure 14).
Figure 14 (Click here to enlarge)
Figure 14: Longitudinal section showing salinity (parts per thousand ‰) in an estuary.  We can see here the partition (zone of separation) between the fresh and the salt water. (Introductory Oceanography, Thurman, p. 301, with a slight enhancement.)  (Click on the image to enlarge it.)
This information has been discovered only recently, using advanced equipment to measure temperature, salinity, density, oxygen dissolubility, etc.  The human eye cannot see the difference between the two seas that meet, rather the two seas appear to us as one homogeneous sea.  Likewise, the human eye cannot see the division of water in estuaries into the three kinds: fresh water, salt water, and the partition (zone of separation).

Footnotes:
(1) Principles of Oceanography, Davis, pp. 92-93. 
(2) Principles of Oceanography, Davis, p. 93. 
(3) Oceanography, Gross, p. 242.  Also see Introductory Oceanography, Thurman, pp. 300-301. 
(4) Oceanography, Gross, p. 244, and Introductory Oceanography, Thurman, pp. 300-301. 

කඳු පිළිබඳව අල් කුර්ආනයෙන්

ඳු පිළිබඳව අල් කුර්ආනයෙන්   


 Earth නැමැති ග්‍රන්ථයක් ලොව පුරා ඇති විශ්ව විද්‍යාලවල මූලික පොතක් ලෙස 
භාවිතා වෙයි. මහාචාර්ය එමරිටස් ෆ්‍රූන්ක් ප්‍රෙස් (Frank Press) යනු එම ග්‍රන්ථයේ 
කතුවරුන්ගෙන් කෙනෙකි. ඔහු හිටපු ඇමරිකානු ජනාධිපති ජිමී කාටර්(Jimmy Carter)
මහතාගේ විද්‍යා උපදේශක ලෙසද කටයුතු කළේය. එසේම ඔහු වසර දොළහක් වොෂිංටනයේ 
ජාත්‍යන්තර විද්‍යා ඇකඩමියේ සභාපති ධූරය ද හෙබවීය. ඔහුගේ ග්‍රන්ථයේ 
සඳහන් වන ආකාරයට කඳු වලට යටින් පොළව තුළ ගිලුන මුල් 2 පවතන ලෙසත් 
මේවා ඉතා තදින් පොළව තුළට කාවැදී ඇති බැවින් කන්දකට කූංඥයක හැඩයක් ලැබී 
ඇති බවද සඳහන් වේ. 

අපි පොළොව අතුරණයක් නොකලෙමුද? කඳු කූංඥ මෙන් නොකලෙමුද? 
(අල් කුර්ආනය 78:6-7)
වැඩි දුර කියවීමට
http://obataislam.blogspot.com/2011/05/iii.html

ඉස්ලාමයෙහි සත්‍යතාවය සඳහා සාදක කිහිපයක් IV

විශ්වයේ සම්භවය පිළිබඳව අල් කුර්ආනයෙන් 

නවීන අජටාකාශවිද්‍යාවෙහි නිරීක්‍ෂණ වලට හා න්‍යායයන්ට අනුව එක්තරා කාල වකවානුවකදී මුළු විශ්වයම එකම "දුමාරයක් " බව පැහැදිළිවම පෙන්නුම් කරයි. (එය විනිවිද නොපෙනෙන ඉතාමත් අධික ඝනත්වයෙන් යුත් උණුවූ වාතයෙන් සමන්විතය)1 මෙය නවීන අජටාකාශවිද්‍යාවෙහි පවතින මතභේදයට තුඩු නොදුන් මූලධර්මයන්ගෙන් එකකි. එම දුමාරයෙහි අවශේෂයන් මඟින් නව තාරුකා ඇතිවීම නිරීක්‍ෂණය කිරීමට විද්‍යාඥයන්ට වර්ථමානයේදී හැකිවී තිබෙයි. (1  හා 2  රූප සටහන් බලන්න) රාත්‍රි අහසේ අපට දක්නට ලැබෙන දීප්තිමත් තාරකා සියල්ලද විශ්වයෙහි පවතින අනෙකුත් සියළුම දේවල්ද එම "දුමාරයට  අයත්ව තිබුණි .

දෙවියන්වහන්සේ ශුද්ධ වූ අල් කුර්ආනයේ සඳහන් කර ඇති ආකාරයට
එවෙලෙහි ඔහු අහස දෙස බැලීය, එවිට එය දුමාරයක්ව පැවතුණි (අල් කුර්ආනය 41:11)
 පොළොව හා අපට ඉහළින් ඇති අහස් (සූර්යයා, චන්ද්‍රයා, තාරුකා, ග්‍රහලෝක, මන්දාකි,....) යන සියල්ල මෙම එකම "දුමාරයෙන්"  නිර්මාණය වී ඇති බැවින් අපට අහස් හා පොළොව එකටම යාවුන වස්තුවක් ලෙස තිබී ඇති බව නිගමනය කළ හැක. මෙම සජාතීය "දුමාරයෙන්" ඒවා නිර්මාණය වී එකිනෙක වෙන්වී ඇත.
දෙවියන්වහන්සේ ශුද්ධ වූ අල් කුර්ආනයේ පවසන ආකාරයට
නියතවශයෙන්ම අහස් හා මහපොළොව යන දෙකම මුලදී එකට සම්බන්ධ වූ ස්ථිතියක් විය. පසුව අපි ඒ දෙක වෙන්කළෙමු. (අල් කුර්ආනය 21 :30)
 මහාචාර්ය ඇල්ෆ්රෙඩ් ක්‍රෝනර්(Dr. Alfred Kroner) යනු ලොව සුපතළ භු විද්‍යාඥයෙකි . ඔහු භුවිද්‍යා මහාචාර්යවරයෙකු වන අතර ජර්මනියේ මෙයින්ස්හි පිහිටි ජොහැන්ස් ගුටෙන්බර්ග් විශ්ව විද්‍යාලයේ භුවිද්‍යා ආයතනයේ භුවිද්‍යා දෙපාර්තුමේන්තුවේ සභාපති ධූරයද හොබවයි. ඔහු පැවසූ ආකාරයට
"මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම් කොහේ සිට පැමිණි  කෙනෙක් දැයි සිතා බලන විට .... මා සිතන ආකාරයට නම් විශ්වයේ පොදු සම්භවය පිළිබඳව ඔහු දැන සිටීමේ කිසිඳු හැකියාවක්
තිබෙන්නට නොහැකිය. මක්නිසාද යත්, විද්‍යාඥයින් පවා මේ පිළිබඳව සොයාගන්නා
ලද්දේ පසුගිය වසර දහය තුළදී ඉතාමත් සංකීර්ණ හා දියුණු තාක්‍ෂණික  ක්‍රම යොදා
ගෙනයි".2

1  රූපය 
වායු හා දූවිලි වලාවක් මඟින් නව තාරකාවක් (නෙබියුලාවක් ) සම්භවය
වන ආකාරය මෙහි දැක්වේ. මෙම වලාව සකළ විශ්වයම සම්භවය වූ එම
"දුමයෙහි " අවශේෂයන්ගෙන් එකකි. (The Space Atlas, Heather andHenbest, පිටුව 50)


 2  රූපය
ආලෝක වර්ෂ 60ක පමණ විශ්කම්භයකින් යුක්ත "ලගුන් " නම් නෙබි්‍යුලාව දූවිලි හා වායු වාලාවකි. එය තුළ මෑතකදී සම්භවය වූ අධික උෂ්ණත්වයෙන් යුත් තාරකාවල පාරජම්බුල කිරණ මඟින් එය ක්‍රියාකාරී වී ඇත.(Horizons, Exploring the Universe, Seeds, plate 9, from Association
of Universities for Research in Astronomy, Inc.)

එසේම ඔහු මෙසේද පැවසීය. "දැනට  වසර එක්දහස් හාරසියයකට පෙර සිටි න්‍යෂ්ටික
භෞතික විද්‍යාව පිළිබඳව කිසිවක් නොදන්නා මිනිසෙකුට ඔහුගේම මනස තුළින් මෙම
පෘථිවිය හා අහස් එකම සම්භවයකින් යුක්ත බව පවසන්නට නොහැකි බවයි, මට නම්
සිතෙන්නේ."1

Footnotes:
(1) The First Three Minutes, a Modern View of the Origin of the Universe, Weinberg, pp. 94-105. 
(2) The reference for this saying is This is the Truth (videotape).  For a copy of this videotape, please visit this page
(3) This is the Truth (videotape). 





ඉස්ලාමයෙහි සත්‍යතාවය සඳහා සාදක කිහිපයක් III

ඳු පිළිබඳව අල් කුර්ආනයෙන්  

   Earth නැමැති ග්‍රන්ථයක් ලොව පුරා ඇති විශ්ව විද්‍යාලවල මූලික පොතක් ලෙස
භාවිතා වෙයි. මහාචාර්ය එමරිටස් ෆ්‍රූන්ක් ප්‍රෙස් (Frank Press) යනු එම ග්‍රන්ථයේ
කතුවරුන්ගෙන් කෙනෙකි. ඔහු හිටපු ඇමරිකානු ජනාධිපති ජිමී කාටර්(Jimmy Carter)
මහතාගේ විද්‍යා උපදේශක ලෙසද කටයුතු කළේය. එසේම ඔහු වසර දොළහක් වොෂිංටනයේ
ජාත්‍යන්තර විද්‍යා ඇකඩමියේ සභාපති ධූරය ද හෙබවීය. ඔහුගේ ග්‍රන්ථයේ
සඳහන් වන ආකාරයට කඳු වලට යටින් පොළව තුළ ගිලුන මුල් 2 පවතන ලෙසත්
මේවා ඉතා තදින් පොළව තුළට කාවැදී ඇති බැවින් කන්දකට කූංඥයක හැඩයක් ලැබී
ඇති බවද සඳහන් වේ.

අපි පොළොව අතුරණයක් නොකලෙමුද? කඳු කූංඥ මෙන් නොකලෙමුද?
(අල් කුර්ආනය 78:6-7)
9 රූපය
ගැඹුරු මුල් පැවතීම හේතුවෙන් කඳුවලට කූංඥ හැඩයක් ලැබී ඇත්තේ කෙසේ දැයි
පෙන්වන තවත් රූප සටහනක් (Earth,Press and Siever, පිටුව 413.)



7 රූපය
කඳුවලට පොළොවේ මතු පිට පෘෂ්ඨයෙන් යටට විහිදුන ගැඹුරු මුල් ඇත.
(Anatomy of theEarth, Cailleux,පිටුව 220.) 

8 රූපය
දික්කඩක් කූංඥ හැඩය ගත් කඳුවලට පොළොව තුළට කා වැදුණු ගැඹුරු මුල් පවතියි.
(EarthScience, Tarbuck and Lutgens පිටුව 158.)



    නවීන විද්‍යාව මඟින් කඳු වලට පොළොව මතුපිට පෘෂ්ඨයෙන් යට, පොළොව තුළට
ගැඹුරින් කා වැදුණු මුල් පවතින බවට සනාත කර ඇති අතර (9 රූපය) මෙම මුල්වල
ගැඹුර, පොළොවෙන්1 උඩට මතු වී අපට පෙනෙන කඳුවල උස ප්‍රමාණය මෙන් කිහිප ගුණයක්
විශාලය. එබැවින් මෙම තොරතුරු සැලකීමට ගන්නා විට කඳු හැඳින්වීම සඳහා
"කූංඥය" යන වචනය ඉතාම උචිතය. මක්නිසාද යත් බොහෝ  විට පොළොව මත
මනාව ගසන ලද කූංඥයක විශාලම කොටස පොළොව තුළ සැඟවී පවතී.

    විද්‍යාවේ ඉතිහාසය අපට පවසන්නේ, කඳුවලට යටින් ඇති ගැඹුරු මුල්
පිළිබඳව සිද්ධාන්තය හදුන්වාදුන්නේ 1865 දී තාරකා විද්‍යාඥයෙකු වූ ශ්‍රීමත් ජෝර්ජ්
අයිරි රෝයල්(Royal, Sir George Airy)­ විසින් බවයි.2

පොළොවේ මතුපිට සිවිය සමතුළිත තාවයේ තබාගැනීම3 සඳහා කඳුමඟින්
විශාල මෙහෙයක් සිදු කෙරෙයි. කඳුමඟින් පොළොව චලනය වීම අඩු කරයි.

දෙවියන්වහන්සේ ශුද්ධ වූ අල් කුර්ආනයේ මෙසේ පවසයි.

ඔබ හා පොළොව කම්පා නොවනු පිණිස  තදින් පොළොවට සවි වූ කඳුද,
ඔබට හරි මඟ දැනගනු පිණිස  ගංගාද මංමාවත්ද එහි පිහිටෙව්වේය.
(අල් කුර්ආනය 16:15)
මෙලෙස ඉතා මෑත කාලයේදී දියුණු තාක්ෂණික  ක්‍රම(Plate Tectonics) මඟින් සොයා ගත් ආකාරයට කඳු පොළොව සමතුළනය කිරීමට විශාල කාර්‍යභාරයක් ඉටුකරයි. මෙම සොයා ගැනීම් වල මුලාරම්භය සිදුවූයේ 1960දී පමණ වූ මෑත කාලයේදීය.4

  ඇත්තටම වක්තෘ මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම්  තුමාගේ කාලයේ සිටින ලද කිසිකෙනෙකුට
කඳුවල සැබෑ හැඩය ගැන මෙසේ වැටහීමක් තිබෙන්නට ඇත්ද? ඇත්තෙන්ම ඒ
කාලයේ සිටි මිනිසෙක් තමා ඉදිරියේ පවතින විශාල, උස්වූ කන්දක් දෙස බලා මෙහි
පොළොව යට මෙම කන්දට යටින් විශාල මුලක් පවතියි යැයි විද්‍යාත්මකව සිතන්නට
ඇත්ද? කිසිසේත්ම නැත. හේතුව එදා මිනිසාට ඒ පිළිබඳව ඥානයක් නොතිබීමයි.
කෙසේ නමුත් නවීන භූ විද්‍යාව මඟින් කුර්ආන් වැකිවල තිබූ සත්‍යතාවය අද දින වන
විට ඔප්පු කර අවසානය.
Footnotes:
(1) Earth, Press and Siever, p. 435.  Also see Earth Science, Tarbuck and Lutgens, p. 157.
(2) The Geological Concept of Mountains in the Quran, El-Naggar, p. 5.
(3) The Geological Concept of Mountains in the Quran, p. 5.
(4) The Geological Concept of Mountains in the Quran, pp. 44-45. 
(5) The Geological Concept of Mountains in the Quran, p. 5. 





ඉස්ලාම් හෝ අදේව වාදය ඔබේ තීරණය ?

 

Hamza Andreas Tzortzis

Hamza Andreas Tzortzis is an international public speaker on Islam, a writer, lecturer and intellectual activist. He is particularly interested in Islam, politics, western and Islamic philosophy. Hamza has debated prominent academics and intellectuals and delivers presentations across the world on various topics; ranging from ‘Does God Exist’ to ‘Can we live better lives without Religion’.
  • Hamza Andreas Tzortzis
Hamza is a regular speaker at University campuses, and has also travelled the world extensively to deliver lectures, most notably in the USA, Malaysia and Lebanon.
Hamza has authored a number of Islamic publications, including the popular website The Inimitable Quran as well as serialising number of articles on his popular blog. He has also led a major piece of research on non-Muslims perceptions of Islam through iERA.
Hamza is one of the main initiators of the contemporary emergence of Muslim public debaters and speakers using western and Islamic philosophy to defend and explain Islam.
Hamza is a Senior Researcher and Lecturer for iERA.

Dr. Ed Buckner

Ed Buckner has been President of American Atheists since September 2008.
He has been a professor, a technical school administrator, and Executive Director of the Council for Secular Humanism (2001-2003). He and his wife have edited several books and published Oliver Halle's Taking the Harder Right (2006).
  • Dr. Ed Buckner
Ed wrote the concluding chapter of Kimberly Blaker's Fundamentals of Extremism (2003). He co-edited, with son, Quotations that Support the Separation of State and Church (second edition, 1995). The New Encyclopedia of Unbelief (Tom Flynn, ed., 2007) contained several of his entries. Also, he is the author or co-author of "Secular Schooling" in Parenting Beyond Belief, 2007, ed. by Dale McGowan, and, "This is a Free Country, Not A Christian Nation" (with Michael E. Buckner) in Everything You Know About God is Wrong, 2007, ed. by Russ Kick.
Buckner has debated and spoken across the US, often about the Treaty of Tripoli and "This Is a Free Country, Not a Christian Nation." His “No More Lies!" talk was featured at the Godless Americans March on Washington in 2002. He serves on several national advisory boards and committees.


ඩෝකින්ස් ,වෙන්ටර් කවුද හරි? කවුද වැරදි ?

අසිමීත දයාව හා අසමසම අනුකම්පාවෙන් යුතු අල්ලාහ් ගේ නාමයෙන් ආරම්භ කරමි.
----- 
මුලින්ම පැවසීමට  දෙයක් තිබේ ,එනම්
එකම ආදිතමයෙක්ගෙන් අද පවතින විශේෂ පැවත එන බව පරිණාමික ගස (Evolutionary Tree or Phylogenetic tree or Tree of life) මගින් පෙන්වා දෙයි.
-----
ඇරිසෝනා විශ්වවිද්‍යාලයේ ටික දිනකට කලින් ජිවය යනු කුමක්දැයි යන්න විවාදයක් පැවැත්වුණි .එහි පරිණාම ගස ගැන වෙන්ටෙර් පැවසූ දෙය සියල්ලගෙන්ම අවධානයට පාත්‍ර විය.
ඩෝකින්ස් ගේ වචනයෙන්ම කියනවා නම් පරිණාම ගස යනු ප්‍රබන්දයක්,මුසවදයක්ම බව වෙන්ටර් අදහස් දැක්විය .

ඩෝකින්ස් ,වෙන්ටර් ,පෝල් ඩේවිස් ,ලෝරන්ස් ග්‍රාස් ,ක්‍රිස් මැකේ ප්‍රමුක විද්‍යාඥයන් ගේ සහභාගිත්වයෙන්  ජිවය  යනු කුමක්ද ,එය ඇතිවුනේ කෙසේද යන දේවල් ගැන විවාද කරන ලදී එය රොජර්  බිංහම් විසින් මෙහෙයවන ලදී



විවාදයට පැමිණිවැඩිම දෙනෙක් ජිවයන් සියල්ල ඒක ආදිතමයෙකුගෙන් (common ancestor) ඇතිවූ බවත්ය .ඒ නිසා ඒවා සියල්ලම එකම බවය.නමුත් එක්කෙනෙකු මෙය ප්‍රතික්ෂේප කළේය ,ඔහු වෙන්ටර් ය .

මෙහිදී ඇතිවූ උණුසුම් වාදය නම් ,

වෙන්ටර්  :- මෙලොවේ ජීවයන් එකම ස්වරුපයෙන් යයි තිබෙනවා යයි කියූ මාගේ මිත්‍රයන්ගේ අදහස් වලින්    පරිභාහිරව සියලුම ජීවින් වෙනස් වෙනස්  ආකාරයෙන් මම අදහස් දක්වනවා

PH 12 පදනමේ ඔබලාව දැම්මොත් හැම දියවී යයි ,නමුත් එහි වෙනත් ජීවින් සිටිනවා .ඒ නිසා මෙම වර්ග දෙකම එකම යයි මම නොකියමි ,

පෝල් ඩේවිස් :- අප සියල්ලටම එක වගේ ජාන කේත (Genetic code) තියෙන්නේ ඒ නිසා අප සියල්ලම එකම මිමුත්තෙකුගෙන් පැවතනවා .


වෙන්ටර් :-නැහැ අප සියල්ලටම එකම වගේ ජාන කේත නැහැ ,ඇත්තම කියනවා නම් Mycoplasma බැක්ටීරියා වල තියෙන ජාන කේත ඕගොල්ලන්ගේ සෛල වල ක්‍රියා කරන්නේ නැහැ, එනිසා ජීවින් තුල විශාල වෙනස්කම් තියෙනවා .


පෝල්ඩේවිස් :-ඒවා(Mycoplasma) වෙනත් පරිණාම ගසකින් බව  ඔබ නොපවසයි යයි සිතනවා


වෙන්ටෙර් :-පරිනාම ගස ඉස්සර තිබු දැනුමෙන් ප්‍රබන්ධ කල එවයි එනිසා පරිනාම ගසයැයි කිසිවක් නැත .

වෙන්ටර්ගේ මෙම ප්‍රකාශනයෙන් ප්‍රේක්ෂකයන්ට කුතුහලයක් ඇතිවිය යුතුය.

පරිණාමයේ පදනම ගැන වෙන්ටර් ගේ ප්‍රකාශයෙන් ඩෝකින්ස් ගේ අන්දුන් කුන්දුන් වූ බවක් ඔහුගෙන් පිලිබිබු විය


ඩොකින් :-පරිනාම ගස ප්‍රබන්දයක් ලෙස වෙන්ටර්ගේ කීම මට පුදුම උපදවන සුළු විය . මේ ලොවේ ඇති සියලුම ජීවින් ගේ ජාන කේත සියල්ලම එක වගේ තියෙන්නේ ,ඒ නිසා මේ ලොවේ ඇති සියලුම ජීවින් එකිනෙක සම්බන්ද වී තියෙනවා.

මෙම ප්‍රකාශනයත් සමගම දැඩි නිශ්ශබ්දතාවයක් සහ එකිනෙක අතර බලාගැනීමක් සිදුවිය .

.
.
.


වෙන්ටර්ගේ ප්‍රතිචාරය  සිනහවක් පමණක් විය .

පසුව රෝජෙර් බිංහම් වෙනත් ප්‍රශ්න ඇසීමෙන් මෙම විෂය මගහැරින  .ඩෝකින්ස් ගේ කතාවට වෙන්ටර් විසින් පිළිතුරක් දුන්නේ නම් තව දුරටත විවාදය උණුසුම් වීමට තිබුණි .වෙන්ටර් විසින්ම එයට පිළිතුරක්ද දීමට තිබුණි,තව ප්‍රශ්න මොකටදැයි සිතා වෙන්ටර් නිශ්ශබ්ද වී සිටිය යුතුයි .

ඩෝකින්ස් ගේ මෙම ප්‍රකාශය මහා බොරුවක්(Whopper) යැයි Evolutionary News අඩවිය පවසයි

ඒ ඇයිද යත් ස්වල්ප මොහොතකට කලින් පැහැදිලිව බැක්ටීරියා වල ජාන කේත වෙනස් අකාරයේ බවත් වෙන්ටෙර් විසින් ප්‍රකාශ කරනලදී .ඔහුගේ පර්යේෂනයම මෙම Mycoplasma බැක්ටීරියා විශේෂය ගැනය .නමුත් ඩෝකින්ස් ද වෙනත් දෙයක් පවසනවා .ඒ දෙකෙන් මෙකක්ද නිවැරදි ?

ඒ කෙසේ වෙතත් වෙන්ටර් ගේ ප්‍රකාශනයෙන් සියල්ලම භීතියට පත්වෙන්නට ඇති


මෙම විවාදයේ වැදගත් යැයි හැගෙන ප්‍රකාශයන් දෙකකට මගේ ඇස ගැටුණි


  1. ජීවීන්ගේ ආරම්බයේදීම සංකීර්ණයෙන් සහ සම්පුර්ණයෙන් තිබු බවත් මේක හරියට ගුප්ත දෙයක් බවත්අරම්බක ජීවින් වෙනත් ග්‍රහලෝකයකින් පැමිණ ඇතිබවත්ය ( ක්‍රිෂ් මැකේ NASA Ames Research Center)
  2. ජීවීන්ගේ ආරම්භය අපට සොයා ගැනීමට නොහැකියාව පිළිගන්න බවත් ,ආරම්භක තත්වයන් වෙනත් ග්‍රහ ලෝකයකදී ඇති කර පර්යේෂණ කලොත් පමණි අපට ජීවීන්ගේ ආරම්භය ගැන සෙවිය හැක (වෙන්ටර් )

දැනුමට හොද ආහාරයක් වූ මෙම විවාදයේ පළමු කොටස පහතින් දැක්වේ .
(වෙන්ටර් ඩෝකින්ස් ගේ ඉහතින් දැක්වූ දෙබස 8.48 වෙනි මිනිත්තුවේ සිට බැලිය හැක )




රූහ් නැමති ආත්මය ගැන(යුදෙව්වන් වන )ඔවුන් ඔබගෙන් විමසන්නෝය .එයට ඔබ "එය මගේ හිමිගේ අණ මගින් ඇති වුවක්ය .(ඒ ගැන )ඉතාමත් ස්වල්ප දැනුමක් මිස ඔබට දෙන ලැබුවේ නැත .(එබැවින් එහි ගැබුරු අර්ථය ඔබට දන ගැනීමට නොහැකිය )"යි කියනු මැනව !(අල්කුර්ආන් 17 ;85 )


අල්ලාහ්  දෙවිදුන් අප සැමව  යහමග යවත්වා.
 අල්ලාහ් දෙවිදුන් සියල්ල දනී

References:
1. The Great Debate - What is life? (part 2 of 3). link
2. The Great Debate - What is life? (part 3 of 3). link
3. Venter vs. Dawkins on the Tree of Life -- and Another Dawkins Whopper. link

ඉස්ලාමයෙහි සත්‍යතාවය සඳහා සාදක කිහිපයක් II

මිනිස් කළල විකසනය පිළිබඳව අල් කුර්ආනයෙන්

ශුද්ධ වූ අල් කුර්ආනය මඟින් මිනිස් කළල විකසනයේ විවිධ අවධීන් පිළිබඳව දෙවියන්වහන්සේ
මෙසේ සඳහන් කරයි.

අප මිනිසාව මවන ලද්දේ මැටි නිස්සාරණයකිනි. පසුව අප එය යම්
ස්ථානයක තදින් සවි වූ බිඳුවක් කලෙමු. පසුව මෙය අලකාහ් (කුඩැල්ලා,
අවලම්බනය වූ ද්‍රව්‍ය, රුධිර කැටිය) තත්වයට පත් කළෙමු. ඉන්පසු එම
කළලය මුද්ගාහ් අවස්ථාවක් (සපන ලද ද්‍රව්‍යක්) බවට පත් කළෙමු.1
(අල් කුර්ආනය 23: 12-14)
අරාබි භාෂාවෙන් අලකාහ් යන්නට අර්ථයන් තුනක් ඇත.
01. කූඩැල්ලා
02. අවලම්බනය වූ ද්‍රව්‍ය
03. රුධිර කැටිය යන්නයි

  මිනිස් කළල විකසනයේ අලකාහ් අවධිය කුඩැල්ලෙකුට සංසන්දනය කළ විට ඒ දෙක අතර සාමානත්වයක් පහත 01 රූපයේ ආකාරයට දක්නට හැක.2 එසේම මෙම අවස්ථාවේ කළලය මවගේ රුධිරයෙන් පෝෂණය වන අතර එය කූඩැල්ලෙකු,කෙනෙකුගේ රුධිරයෙන් පෝෂණය වීම හා සමානය.3

   අලකාහ්හි දෙවැනි අර්ථය වන " අවලම්බනය වූ ද්‍රව්‍යයම" ගත් කළ එය පහත 2 හා 3 රූප වලින් පෙනෙන ආකාරයට මවගේ ගර්භාශයේ අවලම්බනය වූ ද්‍රව්‍යයක් ලෙස පවතී.

01 රූපය
මිනිස් කළල විකසනයේ අලක් අවස්ථාව හා කූඩැල්ලෙකු අතර ඇති සමානත්වය පෙන්නුම්
කිරීමට අඳින ලද රූපය.  (Leech drawing from Human Development as Described in the
Qur’an and Sunnah, Moore and others,පිටුව . 37, modified from Integrated Principles of
Zoology, Hickman and others. Embryo drawing from The Developing Human, Moore and
Persaud,5වන සංස්කරණය, පිටුව 73


02 රූපය
මවගේ ගර්භාශයේ අවලම්බනය වූ ද්‍රව්‍යයක් ලෙස පවතින කළලය.
(The Developing Human,Moore and Persaud 5වන සංස්කරණය, පිටුව 66)

   අලකාහ් හි තුන්වන අර්ථය "රුධිර කැටිය" යන්නයි. මෙහිදී කළලයේ බාහිර පෙනුම හා එහි ආවරණය, රුධිර කැටියකට සමානය. මෙයට හේතුව මෙම අවස්ථාවේදි සාපේක්ෂව අති විශාල රුධිර ප්‍රමාණයක් එහි අන්තර්ගතව තිබීමයි.(4 රූපය) තවද මෙම පියවරේදි කළලය එහි තුන්වන සතිය අවසාන වන තෙක් කිසිඳු රුධිර සංසරණයක් සිදු නොකරයි. එබැවින් කළලයේ අලකාහ් අවස්ථාව රුධිර කැටියකට සමානය.
 
04 රූපය:
අලක් අවස්ථාවේදී කළලයේ ඇති ප්‍රාථමික රුධිර සංසරණ පද්ධතිය රූපයෙන් දැක්වේ. කළලයේ
පිටත පෙනුමත්, එහි ඇති ආවරණයත්, කළලයේ  සාපේඬව අධික ප්‍රමාණයක් රුධිරය අඩංගු බැවින් රුධිර 
කැටියකට සමාන වෙයි.
(TheDeveloping Human, Moore,5වන සංස්කරණය, පිටුව 65.)
 එබැවින් අලකාහ් යන වචනයේ අර්ථ තුනම
කළල අවස්ථාවට මනාව ගැලපේ. 

        ඉන්පසුව ඇති පියවර ලෙස කුර්ආනයේ සඳහන් වන්නේ මුද්ගාහ් අවධිය ලෙසයි. මෙම අරාබි වචනයේ අර්ථය වන්නේ "විකනලද ද්‍රව්‍යයක් " යන්නයි. යමෙක් චුවිංගම් එකක් කටේ දමා සපා එය පිටතට ගෙන කළල අවස්ථාව සමඟ සංසන්දනය කළවිට, මුද්ගාහ් පියවරේ ඇති කළලය විකනලද ද්‍රව්‍යයයේ හැඩයට සමාන බව පෙනීයයි. මෙයට හේතුව කළලයේ පිටුපස ඇති කශේරුකා, විකන ලද ද්‍රව්‍යයයේ දත් සලකුණු වල හැඩයට සමාන වීමයි. (5 සහ 6 රූප සටහන)               

    එසේනම්, දැනට වසර දහ හතරදාහකට පෙර මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම්  තුමා මෙය දැන සිටියේ කෙසේද? දක්‍ෂ විද්‍යඥයින් පවා මෑතකදි මේවා සොයා ගන්නා ලද්දේ වසර වසර දහ හතරදාහකට පෙර නොතිබුණු දියුණු තාක්ෂණික  උපකරණ හා සියුම් අන්වීක්‍ෂ  භාවිතා කරමිනි.

 
05 රූපය:
මුද්ගාහ් අවධියේ ඇති කළලයක ඡායාරූපය (දින 28ක් වයසැති) මෙම
අවධියේදී කළලය විකන ලද ද්‍රව්‍යයක ස්වරූපය ගනියි. හේතුව මේ අවධියේදී
කළලයේ කශේරුකා පෘෂ්ඨය විකන ලද ද්‍රව්‍යයක ඇති දත් සළකුණු වලට
තරමක් සමාන හැඩයක් ගැනීමයි. මේ අවධියේ කළලයේ ප්‍රමාණය 4mm වේ.
(The Developing Human, Mooreand Persaud 5 වන සංස්කරණය, පිටුව 82 from Professor Hideo
Nishimura, Kyoto University,Kyoto, Japan.)
 
 06 රූපය:
මුද්ගාහ් අවධියේ ඇති කළලය, විකූ චුවිංගම් කැබැල්ලක් හා සංසන්දනය
කළ විට එම ස්වරූප දෙකෙහි සමානතා අපට හඳුනාගත හැක.
A මුද්ගාහ් අවධියේ ඇති කළලයක රූප සටහන. මෙහි කෂේරුකා පෘෂ්ඨයෙහි
හැඩය දත් සළකුණු වලට සමානය.(TheDeveloping Human, Moore and
Persaud, 5වන සංස්කරණය, පිටුව 79)
B විකූ චුවිංගම් කැබැල්ලක ඡායාරූපය.

    හැම් සහ ලියුවැන්හොක්(Hamm & Leeuwenhoek)­ මිනිස් ශුක්‍රාණු සෛල පිළිබද මුලින්ම නිරීක්‍ෂණය  කළ විද්‍යාඥයින් දෙදෙනා වන අතර මේ සඳහා වැඩිදියුණු කළ අන්වීක්‍ෂ  යොදා ගන්නා ලදී. මෙසේ කරන ලද්දේ ක්‍රි.ව. 1677 දීය. එනම් මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම් තුමාගේ කාලයේ සිට වසර 1000කට පමණ පසුවය. නමුත් ඔවුන් පැවසුවේ, ශුක්‍රාණුව යනු මිනිස් කළලයේ ඉතා කුඩා අවධිය බවත්, එය ස්ත්‍රි ප්‍රජනන පද්ධතියට ඇතුළු පසු වර්ධනය වන බවත් යනුවෙනි. ඔවුන් එය වරදවා වටහා ගන්නා ලදී. 7  

     මහාචාර්ය එමරිටස් කීත් එල්. මුවර්, කළල විද්‍යාව හා කායව්‍යවච්ඡේදය පිළිබඳ මුළු ලොවේම ප්‍රසිද්ධියක් දරාසිටින විද්‍යාඥයකි. ඔහු The Developing Human නම් ග්‍රන්ථයේ කතුවරයා වන අතර එය දැනට භාෂා අටකට පරිවර්ථනය කර ඇත. මෙය විද්‍යාත්මක නිර්දේශනයක් වන අතර ඇමෙරිකාවේ විශේෂ නියෝජිත මණ්ඩලයක් විසින් මෙය තනි පුද්ගලයෙකු විසින් රචනා කරන ලද උත්කෘෂ්ට ග්‍රන්ථයක් බවට තෝරා ගන්නා ලදි. මොහු කායව්‍යවච්ඡේදය හා සෛල විද්‍යාව පිළිබද කැනඩාවේ ටොරන්ටෝ විශ්ව විද්‍යාලයේ මහාචාර්යවරයෙකි. ඔහු වෛද්‍ය පීඨයේ සහකාර පීඨාධිපති ලෙසද කායව්‍යවච්ඡේද අංශයේ සභාපති ලෙස වසර 8 ක් සේවය කර ඇත. 1984 දී කැනඩාවේ කායව්‍යවච්ඡේද සංගමය විසින් පිරිනමන කායව්‍යවච්ඡේද අංශය පිළිබඳව විශිෂ්ටතම සම්මානය වන J.C.B Grant Award නම් සම්මානය ඔහු විසින් දිනා ගන්නා ලදී. ඔහු කැනඩා සහ ඇමරිකා කායව්‍යවච්ඡේදය සංගමය, ජීව විද්‍යා කවුන්සිලය වැනි සංගම් රැසක සභාපති ධූරය හොබවා ඇත. 

1981, සව්දි අරාබියේ දමාම් හි පැවති හත්වන සමුළුවේදි මහාචාර්ය මුවර් මෙසේ පවසා ඇත." මානව  විකසනය සම්බන්ධව අල් කුර්ආනයේ සඳහන් දෑ පිළිබඳව පැහැදිළි ප්‍රකාශයක් කිරීමට ලැබීම ඉමහත් භාග්‍යයක් ලෙස සලකමි. මෙහි අඩංගු ප්‍රකාශනයන් ඇත්තවශයෙන්ම මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම් හට දෙවියන්වහන්සේ විසින් පවසා ඇත යන්න මට ඉතා  පැහැදිළිය. මක්නිසාද මෙම ප්‍රකාශනයන් වක්තෘ මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම් තුමාගේ කාලයේ සිට සියවස් ගණනක්ම යනතුරු සොයාගෙන නොතිබීමයි. මෙයින් ඔප්පු වන්නේ මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම් දෙවියන්වහන්සේගේ පණිවිඩකරුවෙකු බවයි."

    "ඒ කියන්නේ ඔබ, අල් කුර්ආනය දෙවියන්වහන්සේගේ වචන බව විශ්වාසකරනවා යන්නද?" යන්න මෙහිදි ඔහුගෙන් අසන ලද ප්‍රශ්නයකට "ඒ ගැන මට කිසම සැකයක් නැත" 9  යන්නෙන් පිළිතුරු දී ඇත.

        තවත් සම්මන්ත්‍රණයකදී මහාචාර්ය මුවර් මෙසේ ප්‍රකාශ කර ඇත "....... එකිනෙකට අනුයුක්ත විකසනයේදී සිදුවන විවිධ වෙනස්කම් නිසා මිනිස් කළල විකසනය බොහෝ සංකීරණය. එබැවින් මේ සඳහා අල් කුර්ආනයේ හා සුන්නාහ් (මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම් තුමා කියන ලද, කරන ලද හා අනුමත කරන ලද දේ) වල ඇති පද යොදාගෙන නව වර්ගීකරණ ක්‍රමයක් සිදුකළ යුතුයි ".

       යෝජනා කරන ලද ක්‍රමය සරලය එසේම පුළුල්ය. එපමණක් නොව එය වර්තමාන කළල විද්‍යාත්මක දැනුම තහවුරු කරයි. අවසාන සිව්වසර තුළ පහළ වූ කුර්ආන් වැකි හා හදිස් (මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම් තුමා කියන ලද, කරන ලද හා අනුමත කරන ලද දේ පිළිබඳව එතුමාගේ අනුගාමිකයින් විසින් වාර්ථා කරන ලද විශ්වාස කළ හැකි සම්ප්‍රේෂිත වාර්තා) සියුම්ව අධ්‍යයනය කිරීමෙන් මිනිස් කළල විකසනයේ විවිධ අවස්ථා වර්ගීකරණය කිරීමට ක්‍රමයක් හෙළි දරවු කරගෙන ඇති අතර, පුදුමයට කරුණ නම් මේ තොරතුරු සටහන් කර තබා තිබුණේ ක්‍රි.ව. හත්වන සියවසේදී විමයි. 
    
කළල විද්‍යාව සොයාගත් "ඇරිස්ටෝටල්", කිකිළි බිත්තර අධ්‍යයනය කිරීම මඟින් කුකුළු කළලය විවිධ අවදි සහිතව වැඩෙන බව ක්‍රි.පූ හතරවන සියවසේදී නිරීක්‍ෂණය  කර තිබුණත්, මෙම විවිධ අවධි පිළිබඳව කිසිඳු විස්තරයක් සඳහන් කර නොතිබුණි . මෙසේ අතීතයේ සිට විසිවන සියවස වන තෙක්, කළල විකසනයේ විවිධ අවස්ථාවන් පිළිබඳවත්, එහි වර්ගීකරණය පිළිබඳවත් දැන සිටි කරුණක් වේ නම් ඒ ඉතා අල්පය. මේ නිසා අල් කුර්ආනයේ ඇති මිනිස් කළල පිළිබඳව විස්තර ක්‍රි.ව. හත්වන සියවසේදී තිබූ විද්‍යාත්මක දැනුම මත පදනම් වූවක් විය නොහැක. එබැවින් මේ සඳහා දිය හැකි සාධාරණ නිගමනය වන්නේ: අකුරු ලිවීමට හෝ කියවීමට නොදත් කිසිඳු විද්‍යාත්මක පුහුණුවක් නොලද මුහම්මද්සල්ලල්ලාහු අලයිහිවසල්ලම් තුමාට හෙළි දරව් කරන ලද්දේ දෙවියන්වහන්සේ විසින්ය යන්නයි. 10


reference,
  1. මෙහි ඇත්තේ අල් කුර්ආන් වදන්වලි පරිවර්තනයක් පමණක් බව සලකන්න. සත්‍ය අල් කුර්ආනය ලියා ඇත්තේ අරාබි භාෂාවෙනි. 
  2. The Developing Human, Moore and Persaud, 5 වන සංස්කරණය, පිටුව 8
  3. Human Development as Described in the Qur’an and Sunnah, Moore and others, පිටුව 36
  4. Human Development as Described in the Qur’an and Sunnah, Moore and others, පිටුව 37 ,38
  5. The Developing Human, Moore and Persaud, 5th ed., p. 65
  6. The Developing Human, Moore and Persaud, 5th ed., p. 8.
  7. The Developing Human, Moore and Persaud, 5th ed., p. 9
  8. Note: The occupations of all the scientists mentioned in this web site were last updated in 1997.
  9. The reference for this saying is This is the Truth (videotape).  For a copy of this videotape, please visit this page.    
  10. This is the Truth (videotape).
  11. his is the Truth (videotape).  For a copy, see footnote no. 9.    

ඉස්ලාමයෙහි සත්‍යතාවය සඳහා සාදක කිහිපයක් I

දෙවියන්වහන්සේ විසින්, අවසාන වක්තෘවරයා වූ මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම් තුමාට, බොහෝ ප්‍රාතිහාරයයන් කිරීමේ හැකියාව සහ බොහෝ සාක්ෂි ලබා දෙමින් එතුමා සැබවින්ම දෙවියන්වහන්සේ විසින් එවනු ලැබූ වක්තෘවරයෙකු බව තහවුරු කොට ඇත. එසේම දෙවියන්වහන්සේ තමා විසින් අනාවරණය කරන ලද අවසානතම ග්‍රන්ථය වන ශුද්ධ වූ කුර්ආනයෙහි බොහෝ ප්‍රාතිහාර්යයන් අඩංගු කරමින් එය දෙවියන්වහන්සේගේම වදන් බවට සාධක සපයයි. කුර්ආනයෙහි කතෘවරයා මනුෂ්‍යයෙකු නොවන බවටද සාක්ෂි සපයයි. මෙම පරිච්ඡේදය මඟින් මෙවැනි සාධක කිහිපයක් පිළිබඳව සාකච්ඡා කෙරෙයි.
අල් කුර්ආනයේ සඳහන් විද්‍යාත්මක ප්‍රාතිහාර්යයන්
අල් කුර්ආනය යනු දෙවියන්වහන්සේගේ සත්‍ය වදන්ය. ජිබ්රීල් සුරදූතයා මඟින් මෙම වදන් වක්තෘ මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම් තුමා හට අනාවරණය කරන ලදී. එය මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම් තුමා විසින් වනපොත් කරගෙන, ඔහුගේ අනුගාමිකයින්ට එය ලියා ගැනීම පිණිස කියවන ලදී. ඔවුන් එය පිළිවෙළින් මතක තබා ගෙන විවිධ අන්දමින් සටහන් කර ගෙන, ඒවා මුහම්මද් තුමා සමඟ සමාලෝචනය කර ඇත. එපමණක් නොව මෙම කුර්ආනය මුහම්මද් තුමාද ජිබ්රීල් සුරදූතයා ඉදිරියේ සෑම වසරක් පාසාම පාරායනය කර ඇති අතර එතුමාගේ ජීවිතයේ අවසාන වසරේදී එය දෙවතාවක් පාරායනය කර නිවැරදිතාවය තහවුරු කරගෙන ඇත.

කුර්ආනය ලොවට පහළ වූ දා සිට මේ වන තුරු එහි සෑම අකුරක් පාසාම කට පාඩම් කරගත් මුස්ලිම්වරුන් විශාල සංඛ්‍යාවක් මෙලොව තුළ සිටී. ඒ අතරේ වයස අවුරුදු දහයක් තරම් කුඩා දරුවන් පවා සිටී. එලෙස ශතවර්ෂ ගණනාවක් පසු කළත් අල් කුර්ආනය එකම අකුරක්වත් නොවැරදී, නොවෙනස්ව ඒ අයුරින්ම පවති .

දැනට සියවස් දහ හතරකට පෙර අනාවරණය කළ කුර්ආනයේ සඳහන් සමහර තොරතුරු විද්‍යාඥයන් විසින් සොයාගෙන ඇත්තේ ඉතාමත් මෑතකදිය. මේ සොයාගැනීම් මඟින් විද්‍යාමාන වන්නේ කුර්ආනය යනු සත්‍යවශයෙන්ම දෙවියන්වහන්සේගේ වදන් බවත්, එය වක්තෘ මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම් තුමා වෙතට පහළ කළ බවත් එවැනි ග්‍රන්ථයක් රචනා කිරීමට තරම් ඥාණයක් එතුමාට නොතිබුණ හෙයින් එහි කතෘ නොවන බවට ද එතුමා සත්‍යවශයෙන්ම දෙවියන්වහන්සේගේ පණිවිඩකරුවා විය යන්නට හොඳම සාක්ෂිය විය.

මින් ඔබ්බට සිතා බැලුවහොත් අද දින විද්‍යාත්මකව සොයාගත් ඇතැම් කරුණු ගවේශණය කරගන්නා ලද්දේ ඉතාමත් සුක්ෂම  හා දියුණු යන්ත්‍ර උපකරණ මඟිනි. නමුත් නොදියුණු කාලවකවානුවක් වූ දහහතර වන සතවර්ෂයේ සිටි කිසිම කෙනෙකුට මෙවැනිදේ සොයා ගැනීමට කිසිසේත් නොහැකි බව පැහැදිළි වේ.